Home » SLIM DIGIS 2024 සඳහා SLIMහි නිල බැංකු සහකරු NDB

SLIM DIGIS 2024 සඳහා SLIMහි නිල බැංකු සහකරු NDB

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

NDB බැංකුව, 2024 වසරේ SLIM DIGIS සම්මාන උ‍ලෙළ සඳහා නිල බැංකු සහකරු ලෙස ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ සම්බන්ධ විය.

රටේ ඩිජිටල් අලෙවිකරණ කුසලතාවන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුවේ සහ SLIM ආයතනයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.

SLIM DIGIS යනු, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ඩිජිටල් අලෙවිකරණ ක්‍රියාකාරකම් ඇගයීම, විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා දායක වන දක්ෂතා සහ කුසලතා හඳුනා ගන්නා ජාත්‍යන්තර තලයේ සම්මාන උලෙළකි. ව්‍යාපාරයන්හි සන්නාම වටිනාකම සහ පාරිභෝගිකයන් සමඟ සම්බන්ධවීම සඳහා ඩිජිටල් අලෙවිකරණ අංශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙම සම්මාන උලෙළ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ නිර්මාණශීලීත්වය සහ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමේ මහඟු අවස්ථාවකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division