937
මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිල දී ගැනීමේ හැකියාව ලබා දීමේ පරමාර්ථයෙන් DIMO සහ Sarvodaya Development Finance (SDF) පසුගියදා හවුල්කාරිත්වයක් ආරම්භ කළේය. මෙහි අරමුණ, කෘෂි කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි.
උසස් ජර්මානු තාක්ෂණයෙන් යුත් STIHL power tool පරාසය ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නියෝජිතයා ලෙස DIMO කටයුතු කරන අතර, STIHL Tea Pruner සහ Tiller Machines සඳහා සුවිශේෂී මූල්‍ය විසඳුම් මෙම හවුල්කාරිත්වය ඔස්සේ පිරිනැමීමට Sarvodaya Development Finance අපේක්ෂා කරයි.