Home » රට වටා කොරල්පර සුරැකීමට Spa Ceylon – Biodiversity Sri Lanka එක් වේ

රට වටා කොරල්පර සුරැකීමට Spa Ceylon – Biodiversity Sri Lanka එක් වේ

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

Spa Ceylon, Biodiversity Sri Lanka සංවිධානය හා එක්ව ‘Life to Our Coral Reefs’ ව්‍යාපෘතිය යටතේ දිවයින වටා ඇති වටිනා සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.

One Galle Face Mall, Festive Gallery හිදී ‘Undersea Paradise’ නම් සුවිශේෂී තෑගි එකතුව එළිදැක්වීමට සමගාමීව මෙම හවුල්කාරීත්වය ඇරැඹිණි.

“අප රටේ සාගර සංරක්ෂණය සහ කොරල්පර ආරක්ෂා කිරීම යනු, පෘථිවියේ පැවැත්ම සහ මානව යහපැවැත්ම සඳහා කරන ආයෝජනයක්…” යැයි Spa Ceylon සම- නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය පැවසීය.

Undersea Paradise Festive Gift Collection වෙතින් තෑග්ගක් මිල දී ගන්නා සෑම අවස්ථාවකම, වඳ වීමේ තර්ජනයට ලක් වූ ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතිය සංරක්ෂණය කරන්නට ස්පා සිලෝන්’ පාරිභෝගික ප්‍රජාවද දායක වේ. Life to Our Coral Reefs යනු වනාන්තර, කඩොලාන, වෙරළ, ජාතික වනෝද්‍යාන සහ කොරල්පර කෙරෙහි අවධානය යොමු කරන Biodiversity Sri Lanka හි LIFE ව්‍යාපෘති මාලාවේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව මූලික අවධානය යොමු කරන ක්ෂේත්‍ර පහෙන් එකකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division