Home » ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල ඇඳුම් සැපයුම් සහකරු’ Signature

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල ඇඳුම් සැපයුම් සහකරු’ Signature

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

2024 සිට 2027 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් විලාසිතා සහකරුවා ලෙස Signature ආයතනය ගිවිසුම්ගත විය.

මෙම සහයෝගීතාව යටතේ ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායමේ සහ කාන්තා ජාතික කණ්ඩායමේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් සැපයුම්කරුවා ලෙස ඉදිරියේ පැවැත්වෙන තරගාවලි මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන උත්සවවල දී අදාළ ඇඳුම් විලාසිතා නිර්මාණය කර දීමේ වගකීම Signature ආයතනය සතු ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය, 2014 -T20 ලෝක කුසලාන ජයග්‍රහණ ආදී අවස්ථාවල දී එම කණ්ඩායම්වල නිල ඇඳුම් සැපයුම්කරුවා වූයේ ද සිග්නේචර් ආයතනයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division