AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ළමා දිනය සැමරීම වෙනුවෙන් හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයට පැමිණ සිටි 3000කට අධික මවුපියන් සහ දූ දරුවන් හට මෙම දිනය වඩාත් අර්ථවත් අයුරින් ප්‍රීතියෙන් සැමරීම සඳහා ‘Snakes and Ladders’ ක්‍රීඩාවේ යෙදීමට විශාල ප්‍රමාණයේ ක්‍රීඩා පුවරුවක් ලබා දී තිබිණි.
පවුල් පිටින් එක්ව කළ හැකි මෙම ක්‍රීඩාව සමඟ පැමිණ සිටි සියලු දෙනාට එම අවස්ථාව වඩාත් විනෝදයෙන් ගත කිරීමට හැකි වූවා පමණක් නොව AlA, මෙම සාම්ප්‍රදායික ‘Snakes and Ladders’ ක්‍රීඩාව අද්විතීය අයුරින් වෙනස් කොට නිර්මාණය කර තිබිණි. එයින් ඉතා වැදගත් මූල්‍ය පාඩමක් කියා දුන් අතර, ක්‍රීඩා පුවරුව තුළ විවිධ ස්ථානයන් හි දී ක්‍රීඩාවට සම්බන්ධ වූ දරුවන්ට ‘AlA SaveSmart පලිහ (AlA SaveSmart Shield) දිනා ගැනීමට හැකි විය.