Home » Infinite Group මෙරට නැඟෙනහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වෙළෙඳපොළ ප්‍රවේශ සහකරු

Infinite Group මෙරට නැඟෙනහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වෙළෙඳපොළ ප්‍රවේශ සහකරු

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

Infinite Group, නැඟෙනහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ (University of East London) සමඟින් සුවිශේෂී හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කළේය. ඒ යටතේ නියෝජිත සබඳතාව සහ ඇතුළත්වීම් සඳහා ලියාපදිංචි කිරීම් කළමනාකරණය කිරීමේ ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයා බවට පත් වීමේ අවස්ථාව Infinite Group වෙත උදා විය. මෙම සහයෝගි තාව තුළින් ශ්‍රී ලාංකේය නියෝජිතයින් හට නැඟෙනහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන වැඩසටහන් හා විධිමත් අයදුම්පත් සේවාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට මෙන්ම විදේශයන්හි උසස් අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීමට අවස්ථාව උදා වේ.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ දකුණු ආසියාතික ජාත්‍යන්තර බඳවා ගැනීමේ නියෝජ්‍ය ප්‍රධානී Pavel Bawa පැවසුවේ. “ශ්‍රී ලංකාව තුළ විදේශීය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉහළ ඉල්ලුමක් පවතින අවස්ථාවක Infinite Group සමඟ හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමට අපි කටයුතු කළා. එක්සත් රාජධානිය සතු ඉහළ අධ්‍යාපන ප්‍රමිතීන්, සංස්කෘතික විවිධත්වය හා සුවිශේෂී වෘත්තීය අවස්ථාවන් හේතුවෙන් ශ්‍රී ලාංකේය සිසුන් බහුතරයක් එහි අධ්‍යාපනය ලැබීමට කැමැත්තක් දක්වනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division