Home » SLIIT RoboFest 2024 උණුසුම් තරගයකින් නිමා විය

SLIIT RoboFest 2024 උණුසුම් තරගයකින් නිමා විය

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

SLIIT ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලැබූ SLIIT RoboFest – 2024 අවසන් මහා තරගය මාලබේ පිහිටි SLIIT ආයතන පරිශ්‍රයේදී ඔක්තෝම්බර් 01 වැනි දින සාර්ථකව නිමාවට පත් විය. රොබෝ තාක්ෂණය පිළිබඳ රටේ තරුණයින් දක්වන ඉහළ මට්ටමේ දක්ෂතාවන් ප්‍රදර්ශනය කරමින් සති ගණනාවක් පුරා පැවති මෙම තරගාවලිය තුළ උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කරනු ලැබිණි.

මෙම තරගයට පාසල් කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් 150 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වූ අතර විශ්වවිද්‍යාල කාණ්ඩය යටතේ කණ්ඩායම් 175 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි විය. ඒ අතරින් විශ්වවිද්‍යාල කණ්ඩායම් 12 ක් සහ පාසල් කණ්ඩායම් 22 ක් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය. මේ පිළිබඳ අදහස් දක්වමින් SLIIT ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය අයන්ත ගෝමස් මෙසේ පැවසීය.

“SLIIT RoboFest 2024 තරගය සඳහා සහභාගී වූවන් විසින් ඉදිරිපත් කරන ලද නවීන ව්‍යාපෘති වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අපි අතිශය සතුටු වනවා. මෙම තරගය අනාගත තාක්ෂණික නායකයින්ට ඔවුන්ගේ හැකියාවන් එළි දැක්වීමට කදිම වේදිකාවක්…”

අවසන් මහා තරගයේදී බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ Mavericks කණ්ඩායම පාසල් කාණ්ඩයේ ශූරතාව දිනා ගනු ලැබූ අතර විශ්වවිද්‍යාල කාණ්ඩයේ ශූරතාව SLIIT නියෝජනය කරනු ලැබූ Phantom කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. Dialog Axiata හි සමුහ ප්‍රධාන විශ්ලේෂණ සහ Al නිලධාරි ආචාර්ය රොමේෂ් රණවන මහතා මෙහි ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division