කැලණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය (CGU) සහ ව්‍යවසායකත්වය සමාජය විසින් දෙවන වරටත් සංවිධානය කළ උපාධිධාරී ව්‍යවසායක අලෙවි ප්‍රදර්ශනය උපකුලපතිනී ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විශ්වවිද්‍යාල වෘත්තීය මාර්ගෝපදේශ ඒකක පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අලෙවි ප්‍රදර්ශනය පවත්වන ලද්දේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැගීම මගින් ශිෂ්‍ය ව්‍යවසායකයින් සහ කුඩා ව්‍යාපාරවල යෙදී සිටින විද්‍යාර්ථීන්ට වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණෙනි.
කැලණිය ප්‍රාදේශීය ලේකම් ඒ. ඒ. ඩී. සී. එන්. අමරසිංහ, ජාතික
ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති/අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ටී. ආර්. චන්දිමා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ධනුක ලියනගමගේ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ව්‍යවසාය ප්‍රවර්ධන නිලධාරිනී භාග්‍යා නාකන්දල, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යවසාය සංවර්ධන නිලධාරීනී ඩබ්ලිව්. එච්. ඒ. ටී. එස්. ඒ. පී. පී. විතානාරච්චි, සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු, අධ්‍යයන කාර්ය මණ්ඩලය, වෘත්තීය මාර්ගෝපදේශ ඒකකයේ කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව සමාජයේ සංවිධායක කමිටුවේ සාමාජිකයන් විද්‍යාර්ථීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.