අප ජීවත්වන සමාජය තුළ අප නොසිතන නොපතන අවස්ථාවල අනපේක්ෂිත ලෙස විවිධ ගැටලු ප්‍රශ්න පැන නඟින්නට පුළුවනි. යම් අවස්ථාවල එසේ පැන නඟින ප්‍රශ්න ගැටලු අනවශ්‍ය මෙන්ම චිත්ත පීඩාද ගෙන දෙන, එසේම කරදරකාරී, දරා ගැනීමට නොහැකි තරමේ ගැටලු ප්‍රශ්න විය හැකියි.
එසේ වුවත් අප නිරතුරුවම ප්‍රවේශම්සහගතව යම් රටාවකට අපේ ජීවිත පෙළ ගස්වා හැඩ ගස්වා ගන්නේ නම් එවැනි ගැටලු ප්‍රශ්නවලින් අත්මිදී ජිවිතය චිත්ත ප්‍රීතියෙන් යුතුව ගත කිරීමට හැකියි.
සමාජය තුළ ඇතිවන අසීමිත අවශ්‍යතා සපුරා ගැනීමට යොමු වීමේදී ගැටලු ප්‍රශ්න පැනනැඟීම සාමාන්‍ය දෙයක් වුවත් ඕනෑම අයකුගේ යම් විශ්වාසයක් ඇතිව තම ජීවිතය ගත කරන්නේ නම් ‘ජීවන අරගලයට’ ද බිය විය යුතු නැත.
ඔබට පීඩා ගෙන දෙන සිදුවීම්ද තමන් නොදැනම වළක්වා ගත හැකි, විශ්වසනීය ගුප්ත ක්‍රමවේද අපේ පුරාණ සෘෂිවරුන් විසින් පර්යේෂණාත්මකව අත්හදා බලා සමාජගත කර ඇත්තේ ඔබේ ජීවිතයේ සතුට සහ ජයග්‍රාහී ආකල්පමය වශයෙන් ශක්තියක් ලබා ගැනීමටයි. ඔබට ද මෙයින් අපිරිමිත ශක්තියක් බලයක් විශ්වාසයක් ගොඩනඟා ගත හැකිය. එවන් ‘බ්‍රහ්ම මන්ත්‍ර’ ඔබත් අත්හදා බලන්න.
තම වචන ඉස්මතු වී සිය කාරණා සියල්ල තමා සිතන ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීමට පහත සඳහන් මන්ත්‍රය ක්‍රමවේදය අනුව ක්‍රියාවෙහි යෙදෙන්න.
මන්ත්‍රය.
ඕං ශ්‍රියා කාන්තා දේවී මාගේ මූණ බලා
මගේ සර්වාංගේ වැලඳී දිෂ්ටි වැටි වැටි
වර වර නමඃ
ක්‍රමවේදය
පිරිසිදු පැන් බඳුනකට 108 වර මතුරා දින පතා උදේ මුහුණ දෝවනය කරන්න.
මෙහි ගුණ
තම වචනය ඉස්මතුවීම, කාර්ය සිද්ධිය, ශ්‍රියාව වැඩීම, ගරු බුහුමන් ලැබීම ආදී බොහෝ දේ සඳහා ප්රයෝජනවත්ය. අඛණ්ඩව සිදු කිරීමෙන් විපුල පල ලැබිය හැකිය.
හොරොව්පතාන, මොරකෑව
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර
ජ්‍යොතිෂ විද්‍යා විශාරද
කේ. එස්. එස්. යෝදින්ගේ