Home » රත්නපුර රෝහලේ පරිපාලන දුබලතා ගැන කියූ ‘සිළුමිණ’ පුවත පලදරයි

රත්නපුර රෝහලේ පරිපාලන දුබලතා ගැන කියූ ‘සිළුමිණ’ පුවත පලදරයි

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

රත්නපුර රෝහලේ පරිපාලන දුබලතා සොයා බලන්න-සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉල්ලීමක්!

යන මැයෙන් 2024ක් වූ ඔක්තෝබර් මස 13 වැනිදා ‘සිළුමිණ’ ‘පාඨක හඬ’ විශේෂාංගය යටතේ පළ කළ ප්‍රවෘත්තිය කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, රත්නපුර රෝහල් අධ්‍යක්ෂගේත් අවධානය යොමුව තිබේ.

ඒ ගැන ප්‍රදේශවාසීන්ගේ මෙන්ම රෝගීන්ගේ ද ප්‍රසාදය පළව තිබේ. මේවන විට රෝහල් පරිපාලනය ප්‍රතිසංවිධානයට කටයුතු ආරම්භ කර ඇත.

මේ සමඟ රෝගීන් දුෂ්කරතාවට පත් කරමින් නිකරුණේ රස්තියාදු කෙරුණු ‘වර්ණ කාඩ්පත් ක්‍රමයෙන්’ රෝගීන් නිදහස් කර නිශ්චිත පොදු ක්‍රමයකට දැන් රෝගීන් නියමිත වෛද්‍යවරයා වෙත යොමු කෙරෙයි. එය රෝගීන් විෂයයෙහි අපමණ සහනයක් වී තිබෙනු අයුරු අපි දුටුවෙමු. මේ නිසා ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා ක්‍රියාත්මක වූ VP- OPD- 50 සායන කාමරයේ රෝගීන් බොහෝදෙනෙකු පෙරවරු 10.00වන විට වෛද්‍යවරයා හමුවීමෙන් අනතුරුව ඖෂධ ලබාගෙන සතුටු සිතින් රෝහලෙන් පිටව යන අයුරු ද අපි නිරීක්ෂණය කළෙමු.

රත්නපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ “සම්පූර්ණයෙන්ම බාහිර රෝගී අංශය පරිපාලන වෙනසකට ලක්කෙරෙන බවත්, ඒ සඳහා සේවා දායකයින්ගේ පැත්තෙන් අදහස් සහ යෝජනා ආදිය අවශ්‍ය බැවින්, ඉදිරියේ පැවැත්වෙන බවයි. ‘සිළුමිණ’ පුවත්පතෙහි පළ වූ පුවතට එතරම්ම ප්‍රතිචාර ලැබී ඇති බව මින් දන්වා සිටිනු කැමැත්තෙමි .

එනිසා රත්නපුර ප්‍රාදේශීය ජනතාවගේ දුක්ගැනවිලි ඇසීමට සංහිඳක් වූ ‘සිළුමිණ’ට ගෞරව ස්තූතිය පුදකර සිටිමු!

– තුසිත් සාගර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division