රජයේ අනිකුත් දෙපාර්තමේන්තු මඟින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්වලටත් ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදීත් ඡන්දය පාවිච්චි කිරීම සඳහා අයිතිය ලබා දී ඇතත් ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් ජනමාධ්‍යවේදීන් හට නිකුත් කර ඇති හැඳුනුම්පතට ඡන්දය පාවිච්චි කිරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නැත.
එබැවින් කඩිනමින් ඉදිරි එළඹෙන මැතිවරණවලදී සියලුම විදත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් සඳහා සිය අනන්‍යතාවය තහවුරු කෙරෙන ජනමාධ්‍ය හැඳුනුම්පත භාවිතා කිරීමට අවසර ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.
දැනටමත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් දිවයිනේ සියලුම වෘත්තීය හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හට මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන තිබේ. වසර හතරින් හතර අලුත්වන බැවින් මෙම හැඳුනුම්පත වඩා විශ්වසනීය බවද මෙහිදී පෙන්වා දෙනු කැමැත්තෙමි.
මේ වන විට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හැඳුනුම්පතට අමතරව ගමන් බලපත්‍රයට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති රියැදුරු බලපත්‍රයට සහ සමාජසේවා දෙපාර්තමේන්තුවේ වැඩිහිටි ලේකම් කාර්යාලය මඟින් නිකුත් කර ඇති වැඩිහිටි හැඳුනුම්පත ඡන්දය පාවිච්චි කිරීම සඳහා භාවිතා කිරීමට මැතිවරණ කොමිෂම විසින් ද පිළිගෙන තිබේ.
එබැවින් ජනමාධ්‍ය හැඳුනුම්පත සඳහා එකී අවසරය ඉදිරි මැතිවරණයට පෙර හැකි ඉක්මනින් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිමි.
– ගාමිණී රූපානන්ද
පිළියන්දල