මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව ඡන්ද පොළේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය දක්වා (ආසන්නයේ වූ අවසන් පොලිස් මුරපොළ තෙක්) ඡන්ද පෙට්ටිය රැගෙන එන වාහනය පසුපසින් අපේක්ෂකයන්ගේ නියෝජිතයන්ට වාහනයකින් පැමිණීමට අවස්ථාව ලබා දී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
එසේ යාමට අවශ්‍ය වන්නේ නම් අදාළ මධ්‍යස්ථානයේ නම, වාහනයේ අංකය, වාහනයේ ගමන් කරන නියෝජිතගේ නම ඇතුළත් විස්තර වාර්තාවක් ඡන්ද විමසීම් දිනට දින තුනකට (03) පෙරාතුව සෑම බලයලත් නියෝජිතයකු විසින්ම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදී වාහන බලපත්‍රයක් ලබා ගත යුතුය.
එමෙන්ම යම් අපේක්ෂකයෙකුට අවශ්‍ය නම් අවසන් මුරපොළේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය දක්වා මග දෙපස, අවසර ලබා දී ඇති ස්වකීය ගණන් කිරීමේ නියෝජිතයන් රඳවා තැබිය හැකි අතර ඒ පිළිබඳව පොලිස් නිලධාරීන් ද දැනුම්වත් කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.