Home » ඡන්ද පෙට්ටි ගෙන යද්දී පස්සෙන් යන්න අවසර

ඡන්ද පෙට්ටි ගෙන යද්දී පස්සෙන් යන්න අවසර

by Mahesh Lakehouse
November 9, 2024 12:39 am 0 comment

මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව ඡන්ද පොළේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය දක්වා (ආසන්නයේ වූ අවසන් පොලිස් මුරපොළ තෙක්) ඡන්ද පෙට්ටිය රැගෙන එන වාහනය පසුපසින් අපේක්ෂකයන්ගේ නියෝජිතයන්ට වාහනයකින් පැමිණීමට අවස්ථාව ලබා දී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

එසේ යාමට අවශ්‍ය වන්නේ නම් අදාළ මධ්‍යස්ථානයේ නම, වාහනයේ අංකය, වාහනයේ ගමන් කරන නියෝජිතගේ නම ඇතුළත් විස්තර වාර්තාවක් ඡන්ද විමසීම් දිනට දින තුනකට (03) පෙරාතුව සෑම බලයලත් නියෝජිතයකු විසින්ම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදී වාහන බලපත්‍රයක් ලබා ගත යුතුය.

එමෙන්ම යම් අපේක්ෂකයෙකුට අවශ්‍ය නම් අවසන් මුරපොළේ සිට ගණන් කිරීමේ ශාලා පරිශ්‍රය දක්වා මග දෙපස, අවසර ලබා දී ඇති ස්වකීය ගණන් කිරීමේ නියෝජිතයන් රඳවා තැබිය හැකි අතර ඒ පිළිබඳව පොලිස් නිලධාරීන් ද දැනුම්වත් කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division