1.7K
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම හේතුවෙන් දිවයින පුරා සියලුම පාසල් 13 සහ 14 දෙදින වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල් බහුතරයක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනෙන හෙයින් එම පාසල් 12 වැනිදා පස්වරුවේ සිට මැතිවරණ කටයුතු සඳහා වෙන් කර තැබීමට තීරණය කර ඇත. සියලු පාසල් අධ්‍යයන කටයුතු 2024 නොවැම්බර් 18 සඳුදා නැවත ආරම්භ වන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.