1.7K
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය 13 වැනිදා බදාදා සහ 14 වැනිදා බ්‍රහස්පතින්දා සම්පූර්ණයෙන්ම වසා තබන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසා සිටී.
ඒ අනුව 12 වැනිදා අඟහරුවාදායින් පසුව සාමාන්‍ය රාජකාරී සඳහා කටයුතු සඳහා දෙපාර්තමේන්තුව යළි විවෘත කෙරෙන්නේ 18 වැනිදා සඳුදා දිනයේදී බව කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටී. පාර්ලිමේන්තු මහ මැතිවරණයට අවශ්‍ය පහසුකම් සැලසීම නිසා මෙසේ දෙපාර්තමේන්තුව වසා තබන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.