Home » මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ශක්තිමත් කෙරේ

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ශක්තිමත් කෙරේ

by Mahesh Lakehouse
November 9, 2024 12:35 am 0 comment

මෙරට මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සඳහා වු වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට දේශීය ආයතන 16ක් විදේශීය ආයතන 45ක් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ.

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සහ ඊට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා මෙලෙස ඒ ඒ ආයතන අතර අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සඳහා රාජ්‍ය නොවන සංවිධාන අනිසි ලෙස භාවිත කළ හැකි බවත් එමඟින් ජාතික සහ ගෝලීය ආර්ථික හා මූල්‍ය පද්ධතිවල ස්ථාවරත්වයට තර්ජනයක් ඇති විය හැකි බවත්ය. මුදල් විශුද්ධි කරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ වැළැක්වීම, අනාවරණය කර ගැනීම සහ එම වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කර නඩු පැවරීම සඳහා මෙලෙස ආයතන අතර අවබෝධතා අත්සන් තැබීම මගින් පහසුකම් සැලසෙනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමත් සමඟ, මූල්‍ය බුද්ධි ඒකකය, මෙරට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමේ අරමුණින් දේශීය රාජ්‍ය ආයතන 16ක්, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලිසිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අනෙකුත් රාජ්‍ය ආයතන අතර අත්සන් තබා ඇත.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division