ඡන්දයට තවත් දින කිහිපයයි තියෙන්නේ. කොහොමද පොදුජන පෙරමුණේ සූදානම?
පක්ෂයක් විදිහට අපි හැම දිස්ත්‍රික්කයටම අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා තියෙනවා. බදුලු දිස්ත්‍රික්කයේ දේශපාලනය කරපු කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. කණ්ඩායම ශක්තිමත් වෙන්න නීතිඥයෙක්, කාන්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. තරුණයෝ ඉන්නවා. අපේ අරමුණ බදුල්ල දිස්ත්‍රීක්කයේ මන්ත්‍රී ධුර දෙකක් හෝ තුනක් ලබා ගැනීමයි.
බදුල්ලෙන් ඔබ පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ඇයි.?
මම ජනතාව වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. වැඩ කිරීම නිසාම ජනතාව මාව නියෝජිතයෙක් බවට පත් කරගනීවි යැයි යන අපේක්ෂාව මා තුළ තියෙනවා. 2010 ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස, විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස, රාජ්‍ය ඇමැතිවරයෙක් කැබිනට් ඇමතිවරයෙක් ලෙස, බදුල්ල දිස්ත්‍රික්කයේ වසර 15ක් දේශපාලනයේ ඉන්නවා. දිස්ත්‍රික්කයේ හැම වසමකටම වැඩ කරල තියෙනවා. සංවර්ධන කටයුතු, සම්බන්ධීකරණ කමිටු සභාපති, දිස්ත්‍රීක් සම්බ්න්ධීකරණ කමිටු සභාපති ලෙස වැඩ කර තිබෙනවා. පානීය ජල යෝජනා ක්‍රම, විදුලි යෝජනා ක්‍රම,මාර්ග ව්‍යාපෘති රැකියා අවස්ථා ඇතුළු විශාල වැඩ කොටසක් කර තිබෙනවා.
පොදු ජන පෙරමුණේ බහුතරයක් රාජපක්ෂ කඳවුර හැරගොස් තිබෙනවා. මොකද්ද මේ පක්ෂය හැරයාමට හේතුව ?
අපි තවමත් අවංකවම දේශපාලනය කරනවා. 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමකටයි, මම දේශපාලනයට එක්වුණේ. 2010-2015 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා. දේශපාලන කටයුතු මෙන්ම සංවර්ධන කටයුතු කළා. එතුමා එක්ක පක්ෂයක් විදිහට ශක්තිමත්ව වැඩ කළා. 2015 මහින්ද රාජපක්ෂ පරාජය සමඟ අපේ පක්ෂයේ ඊළඟ මැතිවරණයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති බවට පත් කරනවා කියන සහතිකය අපිට තිබුණා. පක්ෂය නායකයා ගත්ත තීරණයට අපි වැඩ කළා. අන්තිම මොහොත වනවිට මෛත්‍රීපාල ජනාධිපතිවරයා තීන්දු කළා දිනුවත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දෙන්නෙ නෑ කියලා. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූපත් එක්ක මහින්ද චින්තනය හා ඔහුගේ ප්‍රතිපත්ති එක්ක තමයි රටේ ජනතාව 2015 දී දැනුම්වත් කළේ. ජයග්‍රහණය කළාම ඒ ජයග්‍රහණය තුළ පක්ෂයේ ප්‍රතිඵලය එක්ක එතුමා අගමැතිකම දෙන්නෙ නෑ කියන පණිවුඩය මැතිවරණයට දින ගණනකට කලින් ප්‍රකාශයට පත් කළා. ඒ අනුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළා. ආණ්ඩු හදන වෙලාවෙ අපි තීරණයක් ගත්තා අපි ඡන්දය දුන්නෙ මහින්ද රාජපක්ෂ සමඟ ඉන්න නම් 2019 වෙනකල් විපක්ෂයේ කටයුතු කරනවා කියන තීරණය.
ජනාධිපතිවරණයේ දි අපි දැක්කා පොහොට්ටුවෙ අපේක්ෂකයාට ලැබුණු ඡන්ද ප්‍රමාණය. මහමැතිවරණයෙන් ඔබතුමාලගෙ පක්ෂ අපේක්ෂකයෝ පාර්ලිමේන්තුවට යවන්න ජනතා ප්‍රසාදයක් තියෙනවාද?
ඒ ජනාධිපතිවරණය සහ මේ මහමැතිවරණය අතර වෙනසක් තියෙනවා. එක් පැත්තකින් රනිල් වික්‍රමසිංහ අපිත් එක්කයැයි කියන විශ්වාසය අපට තිබ්බා. එතුමා තීරණය කළා ස්වාධීනව තරග කරන්න. පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයෝ නිලතලවලට පක්ෂය අතහැර ඒකට එකතු වුණා. ඒ වෙලාවෙ අපේ පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්න හිටියත් අවසානයේ බෑ කිව්වා. ඒ වෙලාවෙ පක්ෂය ශක්තිමත් කරන්න සහ පක්ෂය රැක ගන්න නාමල් රාජපක්ෂ අපේක්ෂකයා ඉදිරිපත් කළා. ඒ හින්දා මේ මැතිවරණයට අපේ පක්ෂය ගැන ප්‍රසාදය තියෙන ජනතාව ඉන්නවා. අපිට හොඳ නායකයෙක් ඉන්නවා; ඒ හොඳ නායකත්වය තියෙන පක්ෂයෙන් අපි මැතිවරණයට ඉදිරිපත් වෙනවා.
ජනාධිපතිවරණයේදී ජනතාවට ඔබේ පක්ෂයේ ආමන්ත්‍රණය ප්‍රමාණවත් නැහැ කියලා මම කිව්වොත්?
ඔව්, ඒ මැතිවරණයේ බොහෝ අඩුපාඩුකම් තිබ්බා. හරියට මැතිවරණය කටයුතු ප්‍රචාරණ කටයුතු සිදු නොකළ නිසා තමයි මේ විදිහට අපට මුහුණ දීමට සිදු වුණේ. අපි ඊට වඩා ඡන්ද ප්‍රමාණයක් බලාපොරොත්තු වුණා. නමුත් අවසානයේ අපිට ලැබුණෙ ඒ ප්‍රතිඵලය. අපේ දිස්ත්‍රික්කයේ වුණත් ඒ වගේ ප්‍රචාරණ කටයුතු ඒ දේවල් හරියට සිදුවුණේ නැති නිසා තමයි ඒ වගේ ගාණකට යන්න වුණේ. මෙම මැතිවරණය දිහා බලපුවහම ඊට වඩා වෙනස් වෙයි. අපේක්ෂකයෝ කෙරෙහි වෙනම විශ්වාසයක් තියෙනවා. අපේ අය තම තමන්ගේ දිස්ත්‍රික්වලට විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. මේ අනුව මේ මැතිවරණයේ ප්‍රතිඵලයට වඩා වෙනස් වෙයි. මාසයයි දින ගණනක් ගත වෙනවා; ජනාධිපතිවරණය අවසන් වෙලා. මැතිවරණයේදී දීපු පොරොන්දු අද වෙනකොට ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා.
ජා.ජන බලවේගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වෙලා තියෙනවා. ඒ අනුව මෙවර මහ මැතිවරණයෙන් ප්‍රතිඵලය කුමක් වෙයිද?
ජනාධිපතිවරණයකදි ඔවුන් දිනූ නිසා මෙවරත් වැඩි වාසියක් තියෙන්නේ ජාජබට කියලයි ජනතාවගේ මතය වෙලා තියෙන්නේ. මම මෙහිදී කියන්නේ නැහැ අපි සුදානම් වෙනනේ ආණ්ඩු බලයක් ගන්න කියලා.
සුභද්‍රා දේශප්‍රිය