Home » කලාව වෙනුවෙන් කැප වුණ සඳසීලි

කලාව වෙනුවෙන් කැප වුණ සඳසීලි

by thanushika
November 9, 2024 12:30 am 0 comment

ප්‍රතිභාව අපූර්වත්වය සහ සොඳුරු හැකියාවන් කැටි වූ ඇයව ස්වභාවධර්මයෙන්ද ආශිර්වාද කර ඇත්තේ වියපත් නොවන සුන්දරත්වයක් තිළිණ කරමිනි. තවමත් කලා තරු අතර බැබළෙමින් නිර්මාණවලට දායක වීමට තරම් ඇයගේ සිත මෙන්ම ගත ද සවිමත්ය. නමින් ඇය සඳසීලි ප්‍රනාන්දුයි. තුරුණු මුනුබුරු මිණිපිරියන් පිරිවරාගෙන සිටින ඇය දැනුදු කලා කටයුතුවලට සම්බන්ධ වනුයේ උද්යෝගයෙනි. ඒ වගේම තුරුණුවියේ මඟ හැරුණු චිත්‍රපටියක නිළියක වීමේ සිහිනය දැනුදු ඇයට එලෙසින්ම පවතීයි.

කලාකාමී වටපිටාව තුළ හැදී වැඩුණු සඳසීලිගේ කලා ගමනට දැන් අවුරුදු 75 ක පමණ කාලයක් ඉක්මවා හමාරය. ඇය මුලින්ම වේදිකාවට ගොඩවදින විට වයස අවුරුදු පහවත් සපුරා නැත. 1931 සෝල්බරි ස්වාමිවරයා ලංකාවට පැමිණි අවධියේ නුවර දළදා මාලිගාව අසල වේදිකාවක් මත ඇය ඒ කළ නර්තනයක් ඉදිරිපත් කළ මතකය සදා අමතක නොවන මතකයක් බවට පත් වූයේ සෝල්බරි සාමිවරයාගේ නැඟණිය මේ පුංචි සුරංගනාවියගේ සුරතල් නැටුමට වශී වූ නිසයි. එතැනින් ඇරඹුණු ඇයගේ කලා ගමන වේදිකා නාට්‍යය දක්වා වර්ධනය විය.
තුරුණු වියේදී මහජන බැංකුවේ විධායක නිලධාරිනියක් ලෙස කටයුතු කළ ඇයට කලාව තරමක් මඟ ඇරුණත් එකී ආයතනය තුළ බැතිගී කණ්ඩායමට හා බාහිර කලා කටයුතුවලදී සඳ සීලිගේ දායකත්වය නැතුවම බැරි විය. නැවතත් ඇයගේ කලා දිවිය විශ්‍රාම අවධියෙන් ඇරඹෙන්නේ රූපවාහිනිය හා රේඩියෝව ආශ්‍රය කරගෙනයි.

මේ වනවිට ඇය කලා නිර්මාණ ගණනාවක චරිත ගණනාවකට සිය දායකත්වය සපයා කලාකරුවන් අතර වැජඹෙන්නේ සම්මාන රැසක් ද හිමිකර ගනිමිනි. රූපවාහිනියේ විකාශය වූ ‘තඹ පාට හැන්දෑව‘ ටෙලි නාට්‍යයේ වලව්වේ ලොකු හාමුගේ චරිතය ඒ අතරින් බොහෝ දෙනාගේ මතකයේ රැඳෙන්නට හේතුවක් වූයේ ඇයගේ ප්‍රතිභා පූර්ණ හැකියාව නිසයි. ඒ වගේම සිත නිවන කතා ටෙලි නාට්‍ය මාලාවේ වගේම ඇයගේ අපූරු රංගන හැකියාව ‘සූර්යය කුසුම, සඳ විමන‘ ආදී ටෙලි නාට්‍යවලද විද්‍යමාන විය.
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ විශිෂ්ට කලාකරු අභිෂේක සම්මානය හා සම්මානයක් වූ කලා භූෂණ සම්මානය ද හිමිවීම සීලිගේ ජීවන ගමනේ හැරවුම් ලක්ෂය්‍යක් බවට පත්විය.
විශ්මි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division