AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ සෑම අවධියකදී ම පවතින විවිධ මූල්‍ය අවශ්‍යතාවන්ට ගැළපෙන සහ එක් එක් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට ගැළපෙන අයුරින් වෙනස්කොට සකසා ගැනීමේ ඉහළ හැකියාවක් ඇති ස්මාර්ට් ජීවිත රක්ෂණ සැලසුමක් වන AIA SaveSmart හඳුන්වා දීම මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි.
AIA SaveSmart ජීවිත රක්ෂණ සැලසුම, දරුවකුගේ උසස් අධ්‍යාපනය උදෙසා ඉතිරි කරන හෝ ඉසුරුමත් විශ්‍රාම දිවියක් සැලසුම් කරන ඕනෑම අයකුට සිය ඉතුරුම් ඉලක්කවලට ගැළපෙන නම්‍යශීලි විසඳුම් ඉදිරිපත් කරයි.
AIA SaveSmart සැලසුම මඟින් තම දරුවකුගේ උසස් අධ්‍යාපනය සඳහා ඉතිරි කිරීමේ සිට, තම සෞඛ්‍ය වියදම් සඳහා අරමුදලක් ගොඩනැඟීම හෝ තම විශ්‍රාම දිවිය සැලසුම් කරන පුද්ගලයින්ගේ ඉතුරුම් අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුම් ලබා දෙයි.
ආයෝජන ප්‍රතිලාභවලට අමතරව, AIA SaveSmart මඟින් පාරිභෝගිකයන්ගේ රැකවරණ සහ සෞඛ්‍ය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි තෝරා ගත හැකි පුළුල් පරාසයක විහිදුණු අමතර ප්‍රතිලාභ පිරිනමනු ලබයි.
AIA SaveSmart ජීවිත රක්ෂණය, හුදු ඉතුරුම් සැලසුමකින් ඔබ්බට ගිය ඔබගේ ජීවිතයේ ගුණත්වය ඉහළ නැංවිය හැකි සුවතා විසඳුම් රාශියකින් සැදුම්ලත් රක්ෂණ සැලසුමකි. සෞඛ්‍යය, සුවතාව සහ මූල්‍ය සුරක්ෂිතභාවය කෙරෙහි අවධානය යොමු කරමින් AIA SaveSmart රක්ෂණ සැලසුම මඟින් සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීම උදෙසා ශ්‍රී ලාංකිකයන් ශක්තිමත් කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ වඩාත් කීර්තිමත් සෞඛ්‍ය සහ සුවතාවයට අදාළ සේවා සපයන්නන් වන Flash Health, High Octane Fitness Gyms, Siddhalepa, My Dentist, Vida Medical Clinic, Unilever Pureit, Vision Care සහ Doc990 සමඟ සම්බන්ධ වී ශ්‍රී ලාංකික ජනතාව වෙත සෞඛ්‍යසම්පන්න සතුටු දිවි පෙවතක් ගත කිරීම සඳහා AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ආකර්ෂණීය සේවා සහ වට්ටම් ලබා දෙයි.