Home » NDB බැංකුව SLIM ආයතනය සමඟ අත්වැල් බැඳ ගනියි

NDB බැංකුව SLIM ආයතනය සමඟ අත්වැල් බැඳ ගනියි

by sachintha
November 16, 2024 12:29 am 0 comment

ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ SME ව්‍යවසායක ක්ෂේත්‍රය බලගැන්වීම උදෙසා සිය කැපවීම තවදුරටත් තහවුරු කරමින් NDB බැංකුව, කීර්තිමත් SLIM කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙල (SLIM SME Development Awards) සඳහා ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ සම්බන්ධ වී තිබේ.

NDB බැංකුව මෙම සුවිශේෂී අවස්ථාව සඳහා නිල බැංකු හවුල්කරු ලෙස කටයුතු කරයි. අලෙවිකරණය, සන්නාමකරණය සහ විකුණුම් යන අංශයන් තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කැපී පෙනෙන ජයග්‍රහණයන් ඇගැයීම මෙම සම්මාන උලෙළේ අරමුණයි. සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා දක්වන සහයෝගීතාවයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, NDB බැංකුව සහ SLIM යන ආයතන දෙකෙහිම නියෝජිතවරුන්ගේ සහභාගිත්වයෙන් එහි නිල උත්සවය පසුගිය දා පැවැත්විණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division