යුනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණය පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය සමරමින් සැප්තැම්බර් මාසයේ පවත්වන ලද ඵලදායී වැඩසටහන අඛණ්ඩව තුන්වැනි වසර ද සපිරීම සනිටුහන් කරමින් BLOG-IT 3.0 සාර්ථකව නිමා කරයි. මේ වසරේදී, රට පුරා විවිධ ප්‍රදේශවලින් ලද 1,100කට අධික දැවැන්ත ඉදිරිපත් කිරීම් ප්‍රමාණයක් ඔස්සේ සහභාගී වූවන් සිය නිර්මාණශීලිත්වය සහ අදහස් පළකරනු ලැබිණි.
BLOG-IT 3.0 යනු ජීවිත සුරැකීම සහ සැමට පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වූ සිය සන්නාම මෙහෙවර ඉදිරියට ගෙන යෑමට යුනියන් ඇෂුවරන්ස් හි කැපවීම විදහාපාන තහවුරුවකි. BLOG-IT 3.0 වැනි අධ්‍යාපනික වැඩසටහන් වෙත යොමු වූ ව්‍යුහාත්මක ප්‍රවේශයක් සහිතව, හෙට දවසට ගැළපෙන ක්‍රියාකාරී මූල්‍ය සැලසුම්කරණයන් මඟින් ස්ථාවර අනාගතයක් සුරක්ෂිත කිරීම උදෙසා ඉටුකරනු ලබන අතිශය වැදගත් කාර්යභාරය පිළිබඳ දැනුම්වත්භාවය සහ අවබෝධය ඉහළ නැංවීම සමාගමේ අරමුණයි.