Home » Culinary Championship – 2024 ට සෙරන්ඩිබ් මිල්ස් අනුග්‍රහය

Culinary Championship – 2024 ට සෙරන්ඩිබ් මිල්ස් අනුග්‍රහය

by sachintha
November 16, 2024 12:30 am 0 comment

දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ දක්ෂතා සහ නිර්මාණශීලිත්වයට දිරි දෙමින් 7 Star තිරිඟු පිටි නිෂ්පාදක සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, පසුගියදා අවසන් වූ Culinary Champions 2024 තරගාවලියේ පාන් සහ පේස්ට්‍රි අංශයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබීය. ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 2 දක්වා මහනුවරදී පැවැත්වුණු මෙම තරගය, ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් රැසකගේ දස්කම් ප්‍රදර්ශනය කළ වැඩසටහනක් ද විය.

Culinary Champions 2024 යනු ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන සේවා (LECS) ආයතනය, මහනුවර හෝටල් හිමියන්ගේ සංගමය, සංස්කෘතික හෝටල් හිමියන්ගේ සංගමය සහ නුවරඑළිය හෝටල් හිමියන්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉම් වැඩසටහනකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division