Home » සතියේ කලදවස

සතියේ කලදවස

නොවැම්බර් 18 සිට 24 දක්වා

by Mahesh Lakehouse
November 16, 2024 12:30 am 0 comment

මේෂ – සහජ දක්ෂතා මතු කරයි

සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. සහජ දක්ෂතාවලින් පල ප්‍රයෝජන ගත හැකිය. පවුලේ සියලු දෙනා සමඟ සතුට බෙදාගත හැකි වාතාවරණයක් දක්නට ඇත. දරුවන්ගේ ජයග්‍රහණ රැකියා, ව්‍යාපාරවලින් ලාභ මෙන්ම පුණ්‍ය කටයුතු සිදුවන සතියකි. ආදරය, ප්‍රේමය වැනි කරුණු මතු කරයි. අපල අවම වීමට ඉවසීම, දරාගැනීම වැනි ගුණධර්මවලින් හැකිවේ.

සුබ අංක – 4, 5 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

වෘෂභ – ගෘහස්ථ රැකියා දියුණුව

සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. ඔබගේ කථාව සහ පැවැත්ම සාමාජීය සම්බන්ධතා පවත්වා ගැනීමට ඉවහල් වන බැවින් බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්ය. සහජ හැකියාවන් තුළින් ගෘහස්ථව කෙරෙන රැකියා, ව්‍යාපාර හොඳින් පවත්වාගෙන යා හැකි සතියකි. මවුගේ සහයෝගය ලැබෙන සහ පදිංචි ස්ථානයේ යම් අත්හැර දැමූ වැඩකට අතගසන බවක් දක්නට ඇත. අතමිට මුදලක් ගැවසේ. අපල අවමවීමට මෛත්‍රිය කරුණාව පතුරුවන්න.

සුබ අංකය – 6 / සුබ වර්ණ – සුදු, ක්‍රීම් / සුබ දවස් – බදාදා, සිකුරාදා

මිථුන – දූ දරුවන්ගේ ජයග්‍රහණ

සඳු ගමන් ගන්නේ ලග්නය දෙවැන්න හා තෙවැන්න හරහාය. ඔබ සමාජයේ පිළිගැනීමට ලක්වන දරුවන්ගේ ජයග්‍රහණ පිළිබඳ සතුටුදායක ආරංචි ලැබෙන සතියකි. අතමිට මිල මුදල් හිඟ නොවන ආර්ථිකය ද ශක්තිමත් බවක් උසුලයි. උත්සාහයේ තරමට පල ප්‍රයෝජන ලබයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබාදෙයි.

සුබ අංක – 3, 5 / සුබ වර්ණය – කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා

කටක – ප්‍රීති උත්සව ආදියට ඉඩකඩ

සඳු ගමන් ගන්නේ 12 ලග්නය හා දෙවැන්න හරහාය. ආරම්භය ගැටලුකාරී ස්වභාවයක් මතුවිය හැකි බැවින් බුද්ධිමත් වන්න. ඉන්පසුව දින කීපය අයහපත් නැත. සමාජයේ යහපත පිණිස සිදු කෙරෙන පොදු වැඩ පුණ්‍ය කටයුතු වෙනුවෙන් දායකත්වය ලබාදෙන ඔබගේ ආර්ථිකය ද ශක්තිමත් බවක් උසුලයි. රැකියා, ව්‍යාපාරවලට ද යහපත් සතියකි. අසනීප ගති මතුවිය හැකි බැවින් ඒ පිළිබඳව ප්‍රවේශම් වන්න. ප්‍රීති උත්සව ආදියට ඉඩකඩ සැලසේ. අපල අවමවීමට තිරිසන් සතුනට ආහාරපාන දෙන්න.

සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – ලැබීම් සහිතයි

සඳු ගමන් ගන්නේ 11, 12, ලග්නය යන භාවයන් මතිනි. ඔබට ලැබෙන්නට තිබූ මුදලක් හෝ වෙනත් ලාභයක් ලැබීමට ඇති ඉඩකඩ පෙන්වයි. ඒ හා සමානව වියදම් ද යෙදෙන්නට හැකි බැවින් අත්‍යවශ්‍ය දේට පමණක් සිත යොමු කරන්න. දරුවන්ගේ දක්ෂතා මතු කරදෙයි. යුග දිවිය සාමකාමී වේ. සමීපතම අයෙකු පිළිබඳ සතුටුදායක පුවතක් සැලවේ. අපල අවමවීමට අසරණ අයෙකුට පිහිටක් වන්න.

සුබ අංක – 1, 4 / සුබ වර්ණය – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – දුර ගමනක් යෙදේ

සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් හරහාය. කර්මස්ථානයේ සඳු ගමන් කිරීම නිසා ඔබගේ රැකියාවේ වෙනසක් සතුටුදායක අවස්ථාවක් ඇති කරයි. ලාභදායි පැතිකඩක් මෙන්ම අරමුණු සපලවීමක් සිදුවිය හැකිය. ඒ හා සමානව දුර ගමනක් යෙදීමට ඉඩ ඇත. දරුවන්, දෙමවුපියන්, සමීපතමයන් සමඟ කාලය ගෙවෙයි. හිසරදය, සෙම් රෝග උත්සන්න විය හැකි බැවින් ප්‍රතිකාර ගැනීම වැදගත් වේ. අපල අවමවීමට ඉවසීමෙන් කටයුතු කරන්න.

සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ, රතු / සුබ දවස් – බදාදා, සිකුරාදා

තුලා – පුණ්‍ය සිතුවිලි ගෙන දෙයි

සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් හරහාය. පුණ්‍ය කටයුතුවලින් ආරම්භ වන සතියේ ඔබටත් පවුලේ අයටත් බොහොමයක් යහපත් අරමුණු සපල වනු ඇත. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. සමහර අයට රැකියා කර්මාන්ත වෙනස්වීමට ඉඩ ඇත. සහජ දක්ෂතාවයන් ඔප් නැංවේ. විදෙස් ගමන් සපල වේ. ඇවිදිලි වැඩි සතියකි. අපල අවමවිමට කුසගින්නේ සිටින කෙනෙකුට ආහාරයක් දෙන්න

සුබ අංක – 6, 9 / සුබ වර්ණ – ලා රෝස, ක්‍රීම් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

වෘශ්චික – රැකියා ක්ෂේත්‍රයේ පිබිදීමක්

සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය.

ආරම්භයේ කනගාටුදායක පුවතක් කනවැකෙන්නට හැකි අතර ඉන්පසු දින කීපය ඉතා යහපත්ය. ව්‍යාපාර දියුණුව ජනප්‍රියභාවය ඇතිවේ. පුණ්‍ය කටයුතු සිදුකරයි. කර්ම බලය ශක්තිමත් වී රැකියා ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරයි. අපල අවමවීමට අභිසම්භිධාන පිරිත උදේ සවස කියන්න. අසන්න.

සුබ අංක – 5, 7 / සුබ වර්ණය – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

ධනු – ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. ව්‍යාපාර අංශවල දියුණුව මෙන්ම ඔබගේ ප්‍රියමනාප බවද වැඩිවේ. ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගිවීමේ අවස්ථාව මතු කෙරේ. පුණ්‍ය කටයුතුවලට සහභාගි විමට ද අවස්ථා උදා කරයි. යුග දිවියේ සමගිය සමාදානය දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය මෙන්ම ජයග්‍රහණ අත්පත්වේ. අපල අවමවීමට ධර්මය අසන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණ – තැඹිලි, ළානිල්, සුබ දවස් – බදාදා, සිකුරාදා

මකර – ජයග්‍රාහී සතියකි

සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. විරුද්ධවාදීන් පරාජය කරයි. ඔබගේ කර්මබලය ශක්තිමත් වන අතර කරන කියන කටයුතුවලින් ඉදිරියට යා හැකි වාසනාවන්ත සතියකි. පොදු සාමාජීය කටයුතුවලදී ඔබගේ දායකත්වය කැපී පෙනෙයි. ගෙදරදොර නවතා දමා තිබූ වැඩ යළි ආරම්භ කරයි. අපල අවමවීමට කුරුල්ලන්ට ලේනුන්ට ආහාර දෙන්න.

සුබ අංක – 6, 8 / සුබ වර්ණ – නිල්, රතු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය

සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ ජයග්‍රහණ අසන්නට ලැබේ. ඔවුන්ගේ අධ්‍යාපනය මෙන්ම සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේ. ප්‍රේමය විවාහය වැනි කරුණු ප්‍රමාද වූ අයට ද ඒ පිළිබඳ යම් සුබවාදී පණිවුඩ ගෙන එනු ලබයි. අපල අවමවීමට හැකි අයුරින් අන්‍යයන්ට උදව් කරන්න

සුබ අංක – 7, 9 / සුබ වර්ණ – නිල්, සුදු / සුබ දවස් – බ්‍රහස්පතින්දා, සිකුරාදා

මීන – මාපිය දූ දරු සෙනෙහස

සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෙදරදොර වැඩ කටයුතු ඉතා ඕනෑකමින් සහ මහත් ධෛර්යයකින් යුතුව කරගෙන යයි. මාපිය දූ දරු සෙනෙහස වර්ධනය වේ. පුණ්‍ය කටයුතු සිදුකරයි. රැකියා කටයුතු වෙනුවෙන් ඇවිදීමට කලකිරීමට සිදුවන එහෙත් ලාභ ප්‍රයෝජන ගෙන එන සතියකි. විදෙස් ගමන් සපල විය හැක. අපල අවමවීමට ඉවසීම, මෛත්‍රිය, මධ්‍යස්ථ බව වර්ධනය කරගන්න.

සුබ අංක – 4, 9 / සුබ වර්ණ – කහ, තැඹිලි / සුබ දවස් – බ්‍රහස්පතින්දා, ඉරිදා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division