අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් තුන්කාලයටම මිනිස් වර්ගයාට විවිධ අවස්ථාවල තම ජීවිතාරක්ෂාව තමන්ටම සපයා ගැනීමට සිදුවන අවස්ථා ඇත. එවැනි අවස්ථා ඕනෑම පුද්ගලයකුට එක් අවස්ථාවක හෝ උදාවන බව නම් අසත්‍යයක් නොවේ.
මම මෙසේ සඳහන් කිරීමට ඇවැසි වූ කාරණාවට හේතු පාදක වූයේ විවිධ අවස්ථාවන්වල විවිධ පොතපතේ විවිධ කථා සහ ප්‍රවෘත්ති පරිශීලනය කිරීමෙනි. අතීතයේ මිනිසුන් දුරගමන් බිමන් ගියේ වනාන්තර සහ මහකැලෑ මැද්දෙනි. එවැනි අවස්ථාවල ඒ අය තමාගේ ආරක්ෂාව සඳහා විවිධ ගුප්තමය ක්‍රම උපයෝගී කර ජීවිත ආරක්ෂාව සපයා ගත් බව නම් පැහැදිලිය. අතීතයේ මෙන්ම වර්තමානයේ ද ඒ අවදානමේ වෙනසක් නැත. වර්තමානයේ කොපමණ තාක්ෂණික දියුණුවක් තිබුණ ද පෙරට වඩා ගමන් බිමන්වලදී තිබෙන අවදානම ඉහළ බව පෙනෙන්නට ඇත. මේ සියල්ල අනාගතයට ද එසේම පවතී. අතීතයේ විසූ අපේ මුතුන් මිත්තන් මහකැලේ වනාන්තර මැදින් ගමන්බිමන් යාමේදී අලි කොටි වග වලසුන් මෙන්ම සර්ප විශේෂවලින් ආරක්ෂාවීම සඳහා ගුප්තමය ක්‍රමවේද භාවිතයට ගත් බව අතීත පොතපත පරිශීලනයේදී පෙනීයන කරුණක් බැවින් එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා විවිධ අවස්ථාවල යම් යම් අත්හදා බැලීම්වලට යොමුකර ඔබගේ ද ප්‍රයෝජන සඳහා එවැනි ක්‍රමවේදයක් මේ සමඟ ඉදිරිපත් කරමි. මෙයින් ලැබෙන ප්‍රයෝජන හෝ සත්‍ය අසත්‍ය බව තමන් විසින්ම අත්දැකිය යුතු අතර එය විග්‍රහ කිරීමට හෝ සහතික කර ප්‍රකාශ කිරීම එතරම් සුදුසු නොවන බැවින් අවශ්‍ය අවස්ථාවල ඔබගේ ප්‍රයෝජනයට මෙය ඉදිරිපත් කරමි. අවස්ථාවක් ආ විට ක්‍රියාවෙහි යොදවා අත්දකින ලෙස ඉල්ලමි.
ක්‍රමවේදය
ඔබ දුර ගමන් බිමන්වල යෙදෙන විට පහත මන්ත්‍රයෙන් ‘හුණු’ වලට 108 වර මතුරා තිලක දී යන්න.
මන්ත්‍රය
ඕං ශිව ශිවාය නමඃ
ඕං ශ්‍රි විෂ්ණු නාරායනේ නමඃ
v මෙය මන්ත්‍ර බ්‍රහ්ම ඛණ්ඩයට අයත්ය. බීජාකුර මන්ත්‍ර යනුවෙන් ද මෙවැනි මන්ත්‍ර හඳුන්වනු ලබයි.
හොරොව්පතාන, මොරකෑව
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර
ජ්‍යොතිෂ විද්‍යා විශාරද
කේ. එස්. එස්. යෝදින්ගේ