Home » දූ දරුවෝ

දූ දරුවෝ

by Mahesh Lakehouse
November 16, 2024 12:30 am 0 comment

මිය­ගිය මව

රිදී­වන් සේල­යක් සේ
මහද නිවූ ඔබේ රූපේ
මෙලෙ­සින් සැතපී උන් මොහොතේ
මාගේ හද චිත­කය දැල්වේ නිතරේ

මෑණි­යනි දැවටී ඔබේ උණු­සුමේ
ආද­රෙන් ගෙවූ කාලේ
සිහි­වනවිට මා හද පතුලේ
නැගෙනා සුසුම් ඇයි නොදැ­නුණේ

රියානා මෙලනි
10 ශ්‍රේණිය,
අඹ­ග­ස්පි­ටිය මහා විද්‍යා­ලය,
කැල­ණිය.


මල් මල්

මල් මල් මල් මල්
පුංචි පුංචි මල්
රෑට පිපෙන මල්
හරි ලස්න මල්

ගසේ පිපෙන මල්
දියේ පිපෙන මල්
වත්තේ පිපෙන මල්
හරිම හැඩයි මල්

තරුල්යා තත්ස­රණී
3 ශ්‍රේණිය ‘ඒ‘
මාම්පේ කනිෂ්ඨ විද්‍යා­ලය,
පිළි­ය­න්දල.


මගේ අත්තම්මා

තුරු­ලට රැගෙ­න­විත් කවි ගී කියා දෙන
මල්මද සිනහ පාමින් ආද­ර­යෙන් වෙලෙන
පාසල් ගොසින් එන­තුරු මඟ බලා­ගෙන
අත්තම්මා සිටීහැම විට සිනා­වෙ­මින්

දිල්නුක සිල්වා
9 ශ්‍රේණිය,
මහ­ර­ගම මධ්‍ය මහා විද්‍යා­ලය,
මහ­ර­ගම.


වනයේ අසි­රිය

කුරු­ල්ලන්ගේ නිර­න්තර කූජ­නය වන­යට අසි­රිය ගෙන දෙයි.
දිය­ඇලි “සුදු සාරි මෙන්” පහ­ළට ඇද හැළෙන විට වනයේ අසි­රිය වැඩි­වෙයි.
ගම වටා බැඳි පවු­රක් සේ විහි­දෙන කඳු­වැටි වසා­ගත් වනය මගේ ගම විචි­ත්‍ර­වත් කරයි.
විවිධ වර්ග­යට අයත් සත්තු වනය සුන්දර කරති.
සුවඳ හමන වන­ම­ල්ව­ලින් වනයේ සුන්ද­ර­ත්වය වැඩි වෙයි.

ටී. එන්. ඩී. ආර්. ජී. ජය­ති­ලක
4 ශ්‍රේණිය,
අලුත්ගම ප්‍රාථ­මික විද්‍යා­ලය.
බණ්ඩා­ර­ගම


ගුරු මෑණි­යනි

ඇගේ නිවසේ දෙවැනි බුදුන් ලෙස පිදුම් ලබන
අපේ පන්තියේ දෙවැනි මවුන් ලෙස පිදුම් ලබන
අපට සැම­විට නිසි ඔව­දන් ලබා දෙන
ඔබ දුටු දුටු විට අප නිතැ­තින්ම ගරු කරන

ඉති­හාසගත දැනුම ඉති­හා­සය තුළින් දෙන
ගුණ නැණ නුවණ නුව­ණින් පහ­දාම දෙන
වැරදි දුටු විට අපට පෙන්වා ඔව­දන්ම දෙන
හෙට ලොව දින­න්නට ශක්තිය නිතැ­තින්ම දෙන

ඔබ ගැන ලිය­න්නට මා ළඟ වචන නැත
ඔබ ගුණ වය­න්නට මා ළඟ දැනුම නැත
අම්මේ ඔබේ සුව­ඳින් නැහැ­වුණ දසත
ගුරු මැණි­යනි වඳි­නෙමි මම නිර­න්තර

දිල්ෂි සශ්‍රීකා
12 වසර කලා අංශය
බෞද්ධ බාලිකා විද්‍යා­ල­ය‍
­කි­රි­මැ­ටි­යාන


ගොවියා

ගොවියා රටට ඉතාම වැද­ගත් කෙනෙකි.
ගොවියා අප­ට බත සප­යයි.
ගොවියා ඉතා මහන්සි වී වැඩ කරයි.
මඩ සෝදා ගත් කළ ගොවියා රජ­ක­මට ද සුදු­සුයි.
ගොවියා රැක ගැනීම අප හැමගේ යුතු­ක­මකි.

ලොහස් සෙනෝද්
2 ‘ඒ‘ ශ්‍රේණිය
ශාන්ත මරියා ජාතක පාසල,
වේය­න්ගොඩ.


වැස්ස

වැස්ස වහි­නවා
සුළං හම­නවා
ඉර සැඟ වෙනවා
වැහි බිංදු වැටෙ­නවා

මුළු අහ­සම කළු වීලා
මහ සුළ­ඟක් හමා ගියා
වැහි­ළි­හි­ණියා ඉගිල ගියා
මහ වැස්සක් ඇද හැළුණා

මහ වැස්සක් කඩා හැලී
ගංව­තු­රත් ඒවි ඇදී
මුළු ගමක්ම යට වී යයි
බේර­ගන්න කියා හඬයි

නෙතුමි හිරු­ණිම බස්නා­යක
4 ශ්‍රේණිය ‘බී’,
ශ්‍රී මේධං­කර මහ විද්‍යා­ලය,
හොරණ.


ජල සම්පත සුර­කිමු

ජලය අපට නැති­වම බැරි සම්ප­තකි.
බීමට ආහාර පිසී­මට,
රෙදි සේදී­මට අපට ජලය අවශ්‍ය වේ.
මිනි­සාට මෙන්ම සතුන්ට ද
ගස් වැල්ව­ලට ද ජලය අවශ්‍ය වේ.
විදු­ලිය නිපද වීමට ජලය අවශ්‍ය වේ.
ජලය අර­පි­රි­මැ­ස්මෙන් අප පාවිච්චි කළ යුතුය.

දූසදී විස්මිතා ප්‍රනාන්දු
4 ශ්‍රේණිය,
ශුද්ධ වූ පවුලේ කන්‍යා­රාම විදු­හල,
දෙහි­වල.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division