මියගිය මව
රිදීවන් සේලයක් සේ
මහද නිවූ ඔබේ රූපේ
මෙලෙසින් සැතපී උන් මොහොතේ
මාගේ හද චිතකය දැල්වේ නිතරේ
මෑණියනි දැවටී ඔබේ උණුසුමේ
ආදරෙන් ගෙවූ කාලේ
සිහිවනවිට මා හද පතුලේ
නැගෙනා සුසුම් ඇයි නොදැනුණේ
රියානා මෙලනි
10 ශ්‍රේණිය,
අඹගස්පිටිය මහා විද්‍යාලය,
කැලණිය.
මල් මල්
මල් මල් මල් මල්
පුංචි පුංචි මල්
රෑට පිපෙන මල්
හරි ලස්න මල්
ගසේ පිපෙන මල්
දියේ පිපෙන මල්
වත්තේ පිපෙන මල්
හරිම හැඩයි මල්
තරුල්‍යා තත්සරණී
3 ශ්‍රේණිය ‘ඒ‘
මාම්පේ කනිෂ්ඨ විද්‍යාලය,
පිළියන්දල.
මගේ අත්තම්මා
තුරුලට රැගෙනවිත් කවි ගී කියා දෙන
මල්මද සිනහ පාමින් ආදරයෙන් වෙලෙන
පාසල් ගොසින් එනතුරු මඟ බලාගෙන
අත්තම්මා සිටීහැම විට සිනාවෙමින්
දිල්නුක සිල්වා
9 ශ්‍රේණිය,
මහරගම මධ්‍ය මහා විද්‍යාලය,
මහරගම.
වනයේ අසිරිය
කුරුල්ලන්ගේ නිරන්තර කූජනය වනයට අසිරිය ගෙන දෙයි.
දියඇලි “සුදු සාරි මෙන්” පහළට ඇද හැළෙන විට වනයේ අසිරිය වැඩිවෙයි.
ගම වටා බැඳි පවුරක් සේ විහිදෙන කඳුවැටි වසාගත් වනය මගේ ගම විචිත්‍රවත් කරයි.
විවිධ වර්ගයට අයත් සත්තු වනය සුන්දර කරති.
සුවඳ හමන වනමල්වලින් වනයේ සුන්දරත්වය වැඩි වෙයි.
ටී. එන්. ඩී. ආර්. ජී. ජයතිලක
4 ශ්‍රේණිය,
අලුත්ගම ප්‍රාථමික විද්‍යාලය.
බණ්ඩාරගම
ගුරු මෑණියනි
ඇගේ නිවසේ දෙවැනි බුදුන් ලෙස පිදුම් ලබන
අපේ පන්තියේ දෙවැනි මවුන් ලෙස පිදුම් ලබන
අපට සැමවිට නිසි ඔවදන් ලබා දෙන
ඔබ දුටු දුටු විට අප නිතැතින්ම ගරු කරන
ඉතිහාසගත දැනුම ඉතිහාසය තුළින් දෙන
ගුණ නැණ නුවණ නුවණින් පහදාම දෙන
වැරදි දුටු විට අපට පෙන්වා ඔවදන්ම දෙන
හෙට ලොව දිනන්නට ශක්තිය නිතැතින්ම දෙන
ඔබ ගැන ලියන්නට මා ළඟ වචන නැත
ඔබ ගුණ වයන්නට මා ළඟ දැනුම නැත
අම්මේ ඔබේ සුවඳින් නැහැවුණ දසත
ගුරු මැණියනි වඳිනෙමි මම නිරන්තර
දිල්ෂි සශ්රීකා
12 වසර කලා අංශය
බෞද්ධ බාලිකා විද්‍යාලය
කිරිමැටියාන
ගොවියා
ගොවියා රටට ඉතාම වැදගත් කෙනෙකි.
ගොවියා අපට බත සපයයි.
ගොවියා ඉතා මහන්සි වී වැඩ කරයි.
මඩ සෝදා ගත් කළ ගොවියා රජකමට ද සුදුසුයි.
ගොවියා රැක ගැනීම අප හැමගේ යුතුකමකි.
ලොහස් සෙනෝද්
2 ‘ඒ‘ ශ්‍රේණිය
ශාන්ත මරියා ජාතක පාසල,
වේයන්ගොඩ.
වැස්ස
වැස්ස වහිනවා
සුළං හමනවා
ඉර සැඟ වෙනවා
වැහි බිංදු වැටෙනවා
මුළු අහසම කළු වීලා
මහ සුළඟක් හමා ගියා
වැහිළිහිණියා ඉගිල ගියා
මහ වැස්සක් ඇද හැළුණා
මහ වැස්සක් කඩා හැලී
ගංවතුරත් ඒවි ඇදී
මුළු ගමක්ම යට වී යයි
බේරගන්න කියා හඬයි
නෙතුමි හිරුණිම බස්නායක
4 ශ්‍රේණිය ‘බී’,
ශ්‍රී මේධංකර මහ විද්‍යාලය,
හොරණ.
ජල සම්පත සුරකිමු
ජලය අපට නැතිවම බැරි සම්පතකි.
බීමට ආහාර පිසීමට,
රෙදි සේදීමට අපට ජලය අවශ්‍ය වේ.
මිනිසාට මෙන්ම සතුන්ට ද
ගස් වැල්වලට ද ජලය අවශ්‍ය වේ.
විදුලිය නිපද වීමට ජලය අවශ්‍ය වේ.
ජලය අරපිරිමැස්මෙන් අප පාවිච්චි කළ යුතුය.
දූසදී විස්මිතා ප්‍රනාන්දු
4 ශ්‍රේණිය,
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම විදුහල,
දෙහිවල.