2024 බුකර් (Booker Prize) ත්‍යාගයෙන් මෙවර පිදුම් ලැබුවේ සමන්තා හාවේයි. බුකර් ත්‍යාගය, සාහිත්‍ය සම්මානයක් වන අතර එක්සත් රාජධානිය හා අයර්ලන්තය විසින් වසරේ හොඳම, ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු නවකතාවට මෙම සම්මානය පිරිනමන අතර බ්‍රිතාන්‍ය පවුම් 50,000ක මුදල් ත්‍යාගයක් ද ඊට හිමිය. සමන්තා හාවේ විසින් රචිත (orbital) නම් ඉංග්‍රීසි නවකතාවට මෙවර බුකර් ත්‍යාගය හිමිවන බව නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ 2024 නොවැම්බර් 12 වෙනිදා ලන්ඩනයේ old Billingsgate හිදීය.
2023 ඔක්තෝබර් පළමුවෙනිදා සිට 2024 සැප්තැම්බර් අතර කාලයේදී ප්‍රකාශයට පත් කරනු ලැබූ ඉංග්‍රීසි නවකතා මෙහිදී සලකා බලනු ලැබීය. 2024 ජූලි 30 දින නවකතා රචකයන් 13 දෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මෙම සුප්‍රසිද්ධ නවකතා රචකයන් අතර Colin Barrett, Ritta Bullwin kel, Yael van der wouden කැපී පෙනුණි. බූකර් ත්‍යාගය උදෙසා වූ විනිශ්චය මඬුල්ලේ ප්‍රධානියා වු එඩ්මුන්ඩ් ඩි. වාල් ප්‍රකාශ කර ඇත්තේ, හාවේගේ නවකතාව තුළ භාවිත කර ඇති භාෂා විලාසය හා එහි තියුණු බව තුළින් ඇය අපව ආගන්තුක වූ අලුත් ලෝකයකට ගෙන යාමට සමත්වී ඇති බවයි. වාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ හාවේගේ නවකතාව ඔස්සේ, ලෝකයේ සුන්දරත්වය සේම බිඳෙනසුලු බව ද ඉතාම මැනවින් විස්තර වී ඇති බවයි. සමන්තා හාවේ මීට පෙර ද විවිධාකාර සාහිත්‍ය ත්‍යාගවලට හිමිකම් කී තැනැත්තියකි. ඇයගේ බුකර් ත්‍යාගයට බඳුන් වූ orbital නවකතාව ජොනතන් කේප් (එක්සත් රාජධානිය) හා ග්‍රෝව් අත්ලාන්තික් (ඇ.එ. ජනපදය) මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. හාවේගේ මෙම නවකතාව විද්‍යා ප්‍රබන්ධ කතාවකි. බුකර් සම්මානය එක්සත් රාජධානියේ අයර්ලන්තයේ පිරිනමන ඉහළම කීර්තිමත් සාහිත්‍ය ත්‍යාගය වේ.
බුකර් ත්‍යාගයේ ඉතිහාසය
බුකර් ත්‍යාගය පළමු වරට දිනාගනු ලැබුවේ 1969 දී PH Newby (බී බී සී පාලන) විසින් වන අතර මෙම ත්‍යාගයට හිමිකම් කියනු ලැබූ පළමු කාන්තාව වූයේ (1970දී) Bernice Rubens විසින් රචිත ඇයගේ The Elected Member නවකතාවටයි. බුකර් ත්‍යාගය පිළිබඳ විශේෂිත තොරතුරක් නම් (Booker of Booker’s) නමින් එය තව තවත් ගෞරවාන්විතභාවයට පත්වීමයි. ඒ 1993 දී සලමන් රුෂ්ඩිගේ “මැදියම් රැයේ දරුවෝ” නම් නවකතාව මෙම ත්‍යාගයට පාත්‍ර විය.
සාහිත්‍ය ග්රන්ථ අතර විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට ලෝකයේ විශාල තැනක් හිමි වන අතර සමන්තා හාවේගේ orbital නවකතාව ද ඉතාම සාර්ථකව පාඨකයා අතරට යන බව නොඅනුමනය.
මෙවර බුකර් ත්‍යාගය පිළිගනිමින් හාවේ ඇයගේ කතාවේදී පවසා ඇත්තේ, මහපොළොවට එරෙහි නොවන්නන් හා ඒ වෙනුවෙන් පෙළ ගැසී සිටින්නවුන් සමඟින් ද මානව දයාවට කැපවූවන් සමඟින් ද ඇය තම ත්‍යාගය බෙදා ගන්නා බවයි.
එහිදී ඇය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලෝක සාමය උදෙසා හඬක් නඟන්නා වූත් ඒ වෙනුවෙන් කැප වී වැඩ කරන කොටස් ද මෙම බුකර් ත්‍යාගයේ සම කොටස්කරුවන් බවයි. සමන්තා හාවේගේ orbital නවකතාව, බුකර් ත්‍යාගයක් හිමිවූ ප්‍රථම අභ්‍යාවකාශ විෂය හා සම්බන්ධ ග්රන්ථයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
හාවේ ඇයගේ orbital කෘතිය තුළින් විශාල වශයෙන්ම ඇය විසින් නිර්මාණය කරනු ලැබූ දුර්ලභ, සුන්දර ස්වරූපයක් විස්තර වේ.
නවකතා 156ක් අතුරින් බුකර් ත්‍යාගය දිනාගත් orbital කෘතිය ඉතාම ඉහළින් ඇගැයුමට ලක් කළ එඩ්මුන්ඩ් ඩී. වාල් පවසන්නේ, හාවේගේ කෘතිය තුළින් පාඨකයින්ට අභ්‍යවකාශය, ග්‍රහලෝක, ගගනගාමීන් පිළිබඳ අලුත් ආකාර දැක්මකින් බැලීමට ඉතා සුන්දර අවස්ථාවක් හිමි වී ඇති බවයි.
ජූරි මණ්ඩලය ඉතා ප්‍රසිද්ධ නවකතාකරුවන්ගෙන් සැදුම්ලත් එකක් වූ අතර ගිය වසරේ බුකර් ත්‍යාගය හිමිකර ගනු ලැබුවේ අයිරිෂ් ජාතික ලේඛක Paul Lynch ගේ “ප්‍රොපට් ගීතය” කෘතියටයි.
මෙවර සමන්තා හාවේට බුකර් ත්‍යාගය හිමිවීම වසර 5කින් කාන්තාවක් මෙම ඉහළම සම්මානයට පාත්‍ර නොවීමේ හිඩැස පිරවූයේය.
lපී. ආර්. දුෂාන්ති සිල්වා