දිවයින පුරා විසිරී සිටින ශ්‍රී ලාංකේය අංකුර කලාකරුවන් ජාතියට හඳුන්වා දීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන ජාතික යෞවන නාට්‍ය උලෙළ නොවැ. 18 වැනිදා සිට දෙසැ. 31 දක්වා පැවැත්වේ. මෙවර 43 වැනි වරට පවත්වනු ලබන මෙම තරගාවලිය සඳහා අවසන් වටයට තේරී පත්වුණු දිගු නාට්‍ය සහ කෙටි නාට්‍ය මහජන ප්‍රදර්ශනය සඳහා වෙන් වෙන්ව වේදිකාගත කරනු ලබන්නේ මරදාන ටවර් හෝල් රඟහලේදී සහ කොළඹ ලුම්බිණි රඟහලේදීය.
නොවැම්බර් 18,19,20 සහ 25,26,27 යන දිනයන්හි ප.ව. 6.30ට ටවර් හෝල් රඟහලේදී දිගු නාට්‍ය වේදිකාගත වන අතර, දෙසැම්බර් 26, 27, 28, 29, 30,31 යන දිනයන්හි ප.ව. 6.00ට කෙටි නාට්‍ය ලුම්බිණි රඟහලේදී වේදිකාගත කෙරේ.
නොවැ. 18 පැතුම් ප්‍රමුදිත ගමගේගේ සහරා නේරංජනා, නොවැ.19 සමිත් රවිහාර මනලදේවගේ Good Bye ශ්‍රී ලංකා, නොවැ. 20 ගයාන් ඕවිටිගේගේ දශම, නොවැ. 25 කුමාරවේළු යසෝත් කුමාර්ගේ සන්දර්පම් දමිළ චිත්‍රපටය, නොවැ. 26 සජිනි අප්සරාගේ හයිනා Town සහ නොවැ. 27 පරමනාදන් නිශාන්තන්ගේ ඌෂී (දමිළ) චිත්‍රපටය දිගු චිත්‍රපට අංශයෙන් වේදිකාගත කෙරෙන්නේ මරදාන ටවර් හෝල් රඟහලේදී ය.
හිමාෂා ජයසිංහ/ ඩිල්ෂාන් තිලංක/ පවන් මධුශංකගේ අධ්‍යක්ෂණයෙන් හණමිටිකාරයෝ, පැතුම් සඳනුවන්ගේ The Divorce, එස්. ෆාතිමා ඉෂාරාගේ වීරනින් මනවී සහ චරිත් මධුරංගගේ ජාතික වීරයෙක් දෙසැ. 26 වැනිදා වේදිකාගත වන අතර විරාජ් රත්නායකගේ රැපා, ඉසුරු ගුණවර්ධනගේ දුක්ගිනි සින්දන, Baskar Krushan ගේ Madayar සහ සුමුදු නෙත්තිආරච්චිගේ කාසියට ගහක් දෙසැ. 27 වැනිදා වේදිකාගත වේ. එමෙන්ම දෙසැ. 28 වැනිදා පූර්ණජිත් අනුරාධගේ වාසනා වේවා, රශ්මික දිල්හාරගේ ඩුබායි, ක්‍රිෂ්ණන් හමීශා දේවිගේ මාංගල්යම් සහ කළණ ප්‍රේමසිරිගේ මරදානේ වංකගිරිය ද දෙසැ. 29 ජනාධි ෂෝනිල් සමරසේකරගේ සිරිත් විරිත්, සකිල නුවන්ත සුගතදාසගේ The Trauma, Agileshwaran Krishmaraj ගේ Iiavandhigai , සුමුදු නෙත්තිආරච්ච්ගේ මේ ගමන යන්නම ඕනෙද සහ පැතුම් සඳනුවන්ගේ 18th Plus ද දෙසැ. 30 වැනිදා දමිත් ශ්‍රී ග්‍රේෂන්ගේ Ask the Oudence, රන්දික විමලසූරියගේ මම නෙමෙයි වෙන කෙනෙක්, Ramachandran Thirukkumaran ගේ Maruthalipu සහ රවිඳු සම්පත් වික්‍රමසේකරගේ සඳමේධරා වේදිකාගත වේ. ජයනි කලුආරච්චිගේ දඩිං බිඩිං ඩෝං, සුරේෂ් මධුෂාන්ගේ කාටවත් කියන්න එපා, රාමලිංගම් ශ්‍රීකාන්ත්ගේ මයිර් කඩවුල් සහ උපුල් ආරියරත්නගේ ඒකට කමක් නෑ මං යනවා යුද්ධෙට වේදිකාගත වන්නේ දෙසැ. මස 31 වැනිදා ප.ව. 6.00ට කොළඹ ලුම්බිණි රඟහලේදීය.