Home » නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය 21 දා

නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය 21 දා

by Mahesh Lakehouse
November 16, 2024 12:39 am 0 comment

මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව 10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තෝරා පත්කර ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම නොවැම්බර් 21 වැනිදා උදේ 10.00ට පැවැත්වේ.

මෙවර නවක මුහුණ රැසකගෙන් යුතුව නව පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙනු ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පළමු දිනයේ සභා ගර්භයේ වැඩ කටයුතු ආරම්භ වන අතර සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍ඡන්දයෙන් තොරා පත් කර ගැනීම සිදුකිරීමට නියමිතය.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division