මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කළ ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත. එය දේශපාලන ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වේ.
මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ අමාත්‍ය විජිත හේරත් ඉතිහාසයේ අපෙක්ෂකයකු මෙතෙක් ලැබූ වැඩිම මනාපයෙන් තේරී පත්ව ඇත. ඒ මනාප 716,715ක් ලබා ගනිමිනි.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතය හිමිකරගත් අපේක්ෂකයා බවට පත්ව තිබේ. ඒ සියයට 82.14ක ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි. ඔහු ලැබූ මනාප ඡන්ද සංඛ්‍යාව 371,640කි.
මෙය මෙරට මහ මැතිවරණ ඉතිහාසයේ කළුතර දිස්ත්‍රික්කයේ පක්ෂයක් ලැබූ වැඩිම මනාප ප්‍රතිශතය ද වේ. එහිදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 452,398කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 66.09%කි.
රසික කොටුදුරගේ