1.8K
බදුල්ල දිස්ත්රික්කයට ජාතික ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරග කළ වතු කම්කරු මවුපිය යුවළකගේ දියණියක වන අම්බිගා සැමුවෙල් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.
එය මෙරට මැතිවරණ ඉතිහාසයේ වතු ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්රීවරියක් තේරී පත්වූ පළමු අවස්ථාවය. මනාප 58201ක් ලබා බදුල්ල දිස්ත්රික්කයේ ජාතික ජන බලවේගයේ තුන්වැනි වැඩිම මනාප ලබාගත් ඇය වතු නිවාසයක දීර්ඝ කාලයක් පදිංචිව සිටි අයෙකි.