Home » හිටපු මැති ඇමැති රැසකට පාර්ලිමේන්තු දොර වැසේ

හිටපු මැති ඇමැති රැසකට පාර්ලිමේන්තු දොර වැසේ

by Mahesh Lakehouse
November 16, 2024 12:36 am 0 comment

වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ පාර්ලිමේන්තුවේ කැපී පෙනෙන චරිත රැසක් මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත්ව ඇත. ආන්දෝලනාත්මක සිදුවීම් මෙන්ම පාර්ලිමේන්ත්තුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීමෙන් ජනතාව අතර කැපී පෙනෙන චරිත රැසක් මෙවර පාර්ලිමේන්තුවෙන් විසි වී තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත, උදය ගම්මන්පිල, එරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන්, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහත්වරුන්ට මන්ත්‍රී ධුර අහිමිව තිබේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිසබයට ඒමට අපේක්ෂා කළ නිමල් ලාංසා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, චන්න ජයසුමන, ලසන්ත අලගියවන්න හිටපු මැති ඇමැතිවරුන්ටත් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු රාජිත සේනාරත්න, විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත, රොෂාන් රණසිංහ, සංජීව එදිරිමාන්නටත් මන්ත්‍රී ධුර හිමිව නැත

එසේම මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්දානන්ද අලුත්ගමගේ, තිස්ස අත්තනායක, දිලුම් අමුණුගම, වසන්ත යාපා බණ්ඩාර, එම්. වේලුකුමාර්, එම්.එච්.ඒ. හලීම්, මහාචාර්ය රංජිත් බණ්ඩාරටත් වරම් අහිමිව ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, මොහාන් ප්‍රියදර්ශනද සිල්වා, බන්ලුලාල් බණ්ඩාරිගොඩ. චන්දිම වීරක්කොඩිටත් පාර්ලිමේන්තුවේ දොර වැසී ඇත.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ කංචන විජේසේකර, නිපුණ රණවක, වීරසුමන විරසිංහ, බුද්ධික පතිරණටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අජිත් රාජපක්ෂ හා මහින්ද අමරවීරටත් වරම් අහිමිව ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ නිමල් සිරිපාලද සිල්වා, හරින් ප්‍රනාන්දු, තේනුක විදානගමගේ මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, තුෂාර ඉදුනිල්, ශාන්ත බණ්ඩාර, අසංක නවරත්න, චරිත හේරත්, අශෝක් අබේසිංහ හා ජයරත්න හේරත්ද මෙවර පාර්ලිමේන්තු ධුර අහිමි අය අතරට අයත්ය.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රේමලාල් ජයසේකර හා ජානක වක්කුඹුරටද වරම් අහිමිව ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, කේ.පී.එස්. කුමාරසිරි හා ඉෂාක් රහුමාන්ටද මන්ත්‍රීධුර අහිමිව ඇත. එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, දුෂ්මන්ත මිත්‍රපාලටද පාර්ලිමේන්තු දොර වැසී තිබේ.

මීට අමතරව ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඩබ්ලිව්. ඩී. වීරසිංහ, ඩග්ලස් දේවානන්දා, එම්. සුමන්දිරන්, රෝහණ දිසානායක, සිවනේෂතුරෙයි චන්‍ද්‍රකාන්තන්, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසකට එසේ වරම් අහිමිව තිබේ.

කෙසේ වුවත් මේ අයගෙන් කිහිප දෙනකුට අදාළ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පිවිසීමට හැකියාව තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division