Home » ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය නැංවීමට Voyage Sri Lanka 2024

ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය නැංවීමට Voyage Sri Lanka 2024

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), සමුද්‍රීය අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් ප්‍රථම වරට පවත්වනු ලබන වොයේජ් ශ්‍රී ලංකා 2024 (Voyage Sri Lanka 2024) සමුද්‍ර හා අක්වෙරළ, බෝට්ටු නිෂ්පාදන සමුළුව පැවැත්වෙන අතර නීල ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් ඉස්මතු කරමින් 2024 නොවැම්බර් 26 වන දින කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත් වේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම පාර්ශ්වකරුවන් එක්රැස් කරමින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර සහ අක්වෙරළ, තෙල් සහ ගෑස් අංශයේ නැඟී එන ප්‍රවණතා ගවේෂණය කිරීම, ශ්‍රී ලංකා වෙරළ තීරයේ වෙරළාසන්න සුළං සහ පුනර්ජනනීය බල ශක්ති සම්පත් කෙරෙහි අවධානය යොමු කිරීම, නැව් තැනීම සහ අලුත්වැඩියා කිරීමේදී වත්මන් සහ අනාගත අභියෝග ආමන්ත්‍රණය කිරීම, ගෝලීය වෙළෙඳපොළ සඳහා බෝට්ටු නිෂ්පාදනයේ අවස්ථා සහ ධීවර අපනයන කර්මාන්තයේ විභවයන් විවෘත කිරීම… පිළිබඳ අවධානය යොමු කෙරෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division