Home » නිව් ඇන්තනීස් සමූහයෙන් ප්‍රතිජීවක විරෝධතාව මැඬලීමට ප්‍රතිඥා

නිව් ඇන්තනීස් සමූහයෙන් ප්‍රතිජීවක විරෝධතාව මැඬලීමට ප්‍රතිඥා

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයක් වෙනුවෙන් ආදර්ශයක් සපයන නිව් ඇන්තනීස් සමූහය, නොවැම්බර් 18-24 දක්වා යෙදී තිබෙන World AMR Awareness Week වැඩසටහන වෙනුවෙන් නිල ප්‍රතිඥාවකට පසුගියදා එක් විය.

හංවැල්ලේ පිහිටි නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන කාර්යාලයේදී මෙම විශේෂ අවස්ථාව සනිටුහන් වූයේ, ඇන්තනීස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ එමිල් ස්ටැන්ලි ප්‍රමුඛ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙනි.

ප්‍රතිජීවක විරෝධතාවය මැඬපැවැත්වීමේ වැදගත්කම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කළ වෛද්‍ය කිෂානි දිනපාල ප්‍රධාන දේශනය පැවැත්වූවාය. නිව් ඇන්තනීස් සමූහය අනුගමනය කරන හරිත ආඥාවන්ට අනුව, එහි සමස්ත සැපයුම් දාමයම තිරසරභාවයට වගවීමෙන් ක්‍රියාකරන අතර, ප්‍රතිජීවක භාවිතයෙන් තොරව කටයුතු කිරීමද එහි මූලිකාංගයකි. එමඟින් උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත මාංශ ආහාර ඉදිරිපත් කිරීම සමාගමේ අරමුණයි. නිව් ඇන්තනීස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ එමිල් ස්ටැන්ලි, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිකා ප්‍රනාන්දු වෙත ප්‍රතිජීවකවලට එරෙහි ප්‍රතිඥාව පිළිගන්වන අයුරු ජායාරූපයේ වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division