Home » SDB බැංකුවෙන් ‘වස්ත්‍ර සිලෝන්’ තිරසර නිෂ්පාදන පෙළට සහාය

SDB බැංකුවෙන් ‘වස්ත්‍ර සිලෝන්’ තිරසර නිෂ්පාදන පෙළට සහාය

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ වටිනාකම් කේන්ද්‍ර කරගත් බැංකුකරණය වෙනුවෙන් ඇති කැපවීම සම්බන්ධයෙන් කීර්තිය දිනූ SDB බැංකුව, පරිසර හිතකාමී සන්නාමයක් වන වස්ත්‍ර සිලෝන් (Wasthra Ceylon) විසින් පසුගියදා දියත් කරන ලද නිෂ්පාදන පෙළ සඳහා සිය සාඩම්බර සහයෝගය දැක්වීය. SDB බැංකුවේ ප්‍රමුඛතම තිරසර වැඩසටහනක් වන ‘ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ වැඩසටහන යටතේ තිරසරාත්මක නව්‍යකරණ නිෂ්පාදකයකු වන වස්ත්‍ර සිලෝන් සමාගමේ සැපයුම් දාම ක්‍රියාවලිය සවිමත් කිරීම SDB බැංකුව විසින් සිදු කෙරිණි. වස්ත්‍ර සිලෝන් ආරම්භක ප්‍රධාන විධායක නිලධාරී තනූජ් චන්ද්‍රසේකර, පුළුල් තිරසරාත්මක ව්‍යාපාර දැක්මක් ඇති දක්ෂ ව්‍යවසායකයකු වන අතර, එම ව්‍යාපාරයේ දැක්ම වන්නේ ඉවතලන කෙසෙල් ගසේ කඳ කොටසින් ලබා ගන්නා කෙසෙල් කෙඳි යොදාගෙන පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදනය හරහා ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමයි. මේ හරහා ග්‍රාමීය කෙසෙල් ගොවීන්ට අමතර ආදායමක් ද ලබා දීමට හැකි වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division