Home » NDB – NEOSBIZ දකුණේ සුළු හා මධ්‍ය ව්‍යවසායකයින් බලගන්වයි

NDB – NEOSBIZ දකුණේ සුළු හා මධ්‍ය ව්‍යවසායකයින් බලගන්වයි

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

NDB බැංකුව, ශ්‍රී ලාංකේය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය දැක්වීමට පසුගිය දා ගාල්ල මවුන්ට් රීච් හෝටල් පරිශ්‍රයේදී ව්‍යාපාර උදෙසා ඩිජිටල් පරිවර්තනයේ වැදගත්කම පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදි. මෙම උත්සවය දකුණු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පැවැත්වූ අතර බැංකුවේ නව්‍යකරණය වූ NEOSBIZ ඇප් එකෙහි සුවිශේෂී විශේෂාංග පිළිබඳ තවදුරටත් දැනුම බෙදා හදාගැනීම සඳහා අවස්ථාව හිමි විය. NEOSBIZ යනු ඩිජිටල් භාවිතාවන්හි ඉහළම තාක්ෂණයෙන් ව්‍යාපාරික මුල්‍ය කළමනාකරණය වඩා පහසු කරගැනීම වෙනුවෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව සඳහාම නිර්මාණය කරන ලද ව්‍යාපාරීක බැංකුකරණ විසඳුම වෙයි.

කර්මාන්තයේ ප්‍රවීණයන් සහ NDB බැංකුවේ ඉහළ නිලධාරීන් ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ වර්ධනය සඳහා ඩිජිටල් නවෝත්පාදනවල වැදගත්කම අවධාරණය කළ අතර, බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ කේන්ද්‍ර කරගත් බැංකුකරණ විසඳුම්වල තීරණාත්මක මෙවලමක් ලෙස NEOSBIZ ඇති වැදගත්කම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division