Home » සන්ධි ඉදි­මු­මට නිවෙ­සේ­දීම කළ හැකි ප්‍රති­කර්ම

සන්ධි ඉදි­මු­මට නිවෙ­සේ­දීම කළ හැකි ප්‍රති­කර්ම

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

දෙපා­වල වේද­නාව, කැක්කුම, ඉදි­මුම ඇති අයට කදිම ප්‍රති­කා­ර­යක් සම්බ­න්ධව අද සාකච්ඡා කෙරේ. මේ ප්‍රති­කාර විදිය වඩා උචිත වන්නේ වයස අවු­රුදු 35 ඉක්ම­වූ­ව­න්ටය. දියවැඩියා රෝග­යෙන් පීඩා නොවි­ඳිනා රෝගි­යෙක් නම් ඔහුට හෝ ඇයට ඉක්මන් සුවය ළඟා කිරී­මට මෙම ප්‍රති­කා­රය සමත් වේ.

දණ­හිස් ඉදි­මුම, ඇවි­දින විට සන්ධි­ව­ලින් වේද­නාව උප­ද­වන අතර ශබ්ද­යක් මතු­වීම, නිර­න්තර උණ ගතිය, අලස බව සහිත මෙම රෝගය ආත­ර­යි­ටීස් හා සම්බන්ධ රෝග­යකි.

නිර්දේශ කරන ප්‍රති­කාර, ආර­ම්භ­යට පෙර සහ ප්‍රති­කා­ර­යෙන් අන­තු­රුව සී.එස්.ආර්. පරී­ක්ෂ­ණය කිරී­මෙන් මෙම ප්‍රති­කා­රයේ විපු­ල­ත්වය තහ­වුරු කර­ගත හැකිය.

1 -කසාය.
ගං ඇපල මුල්, බෙලි මුල්, මිදි මුල්, තොටිල මුල්, පළොල් මුල්, ඇත් දෙමට මුල්, රස­කිඳ, එරඬු මුල්, කලං එක­කුත් මංචාඩි 12කුත් රැගෙන වතුර පත 08ක් දමා එක පතට සිඳුවා උදේට එඬරු තෙල් සමඟ ද, සව­සට සීනි මී පැණි සමඟ ද දෙවේ­ලක් පානය කළ යුතුය. මෙම බෙහෙත දින දෙකක් පානය කළ යුතුය. එම කසාය දෙනු ලබන්නේ විරේක වීම සඳ­හාය. එම කසාය දින දෙකක් පානය කර බඩ හොඳන් විරේක වූ පසු දෙවැනි කසාය වෙත යා යුතුය.

2- කසාය
කොල්ලු, සුදු ලූනු, එඬරු මුල්, බෙලි මුල්, සිවිය මුල්, වියළි ඉඟුරු, ගම්මි­රිස්, තිප්පිලි කලං එක හමාර බැගින් ගෙන වතුර පත 08ක් ගෙන පත එක­කට සිඳුවා යව­කාර ලුණු, සහිඳ ලුණු සහ සීනි දමා පත භාගය බැගින් උදේ සවස දෙවේ­ලට කෑමට පෙර පානය කළ යුතුය. මෙම කසාය දින 08ක කාල­යක් බීම කළ යුතුය.

තැවි­ල්ලක්
හීරැස්ස පලු, අබ, සුදු­ලූනු, වියළි ඉඟුරු සහ කොට්ට­පොල් හීනි­යට කපා වංගෙ­ඩියේ දමා කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ දමා තම්බා තවන්න. තැවී­මෙන් පසු චූල­හර තෙල් සන්ධි සහ වේද­නාව සහිත පාද­වල ආලේප කරන්න.
මෙම ප්‍රති­කාර කරන කාලය තුළ මුං ඇට, මෑ කරල්, වම්බටු, පාන්පිටි ආහා­ර­යෙන් වළ­කින්න. ශිතල ආහාර අගු­ණය. ඇල් වතුර ස්නාන­යෙන් වළ­කින්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division