බුධ ග්‍රහයා කේන්දරේ පිහිටීම අනුව ජන්මියාට ලැබෙන ප්‍රතිඵල
බුධගෙන් පිහිට ලැබෙන ස්තෝත්‍රය දිනපතා කියවන්න
විෂ්ණු දෙවියන් වෙනුවෙන් පවත්වන බලගතු පූජාව
පංච මහා යෝග’ වලින් බලවත්ම යෝගය වන ‘භද්‍ර මහා පුරුෂ යෝගය’ ඔබට ඇත්නම් ඔබ සසරේ බොහෝ පින් දහම් කළ අයෙකි. සතර කේන්ද්‍රය තුළ බුධ උච්ච, මූල ත්‍රිකෝණ, සවක්ෂේත්‍ර ලෙස කොතනක හෝ ඇත්නම් ඒ භද්‍ර යෝගයයි.
බුධ ලග්නයේ බලවත් නම් සිනහවෙන්, ප්‍රිය වචනයෙන් මෙන්ම බුද්ධියෙන්ද ඔබ ජය ගනී. දෙවැන්නේ බුධ ධන යෝගයකි.
ඉංජිනේරු, නීතිඥ, ජ්‍යොතිෂවේදීන් වැනි මනස මුල් කරගෙන බුද්ධිය මෙහෙයවා කටයුතු කරන අය බිහි කරති. තෙවැන්නට බුධ යහපත් ශක්තිමත් ශරීරයක්, වටිනා සොයුරු, සොයුරියන් ඇතිව උපදී. බලවත් බුධ හතර වැන්නේ නම් ගේදොර යාන වාහනවලට සදහටම උරුමකම් කියනු ඇත.
බුධ පස්වැන්නේ නම් එඩිතර, බුද්ධිමත් අයෙකු බිහිවේ. හයවැන්නේ බුධ වෙනුවෙන් මා මෙහි සඳහන් කරන පිළිවෙත් අනුගමනය කරන්න. හත්වැන්නේ බුධ බලවත් නම් ඉතා වාසනාවන්ත, බුද්ධිමත් අයෙකු විවාහය සඳහා ලැබේ. අටවැන්නේ බුධ දීප්තිමත් සමක් ඇති අයෙකු වේ. නව වැන්න උසස් අධ්‍යාපනය සහිත පියාට ළැදි කෙනෙකු බිහිවේ. දස වැන්න බුධට සුදුසුම තැනය. උසස් රැකියාව, රාජ්‍ය සම්මාන, ජනතා ගෞරවය ඇතිව දිවි ගෙවේ. එකොළොස් වැන්නේ බුධ ව්‍යාපාරවලින් ජයගත හැකි පිහිටුමකි. දොළොස්වැන්න තුළ බුධ ඇත්නම් විදේශ සංචාරවල නිරතවීමේ භාග්‍ය ඇත.
මෙහි පහත සඳහන් වත්පිළිවෙත් සියල්ල මගේ අත්දැකීම්ය. බුධ ග්‍රහයා වෙනුවෙන් සිදු කරන මේ වත් පිළිවෙත් එතරම්ම බලගතුය. අපගේ මනස, මතක ශක්තිය සහ ශ්වසන පද්ධතිය මුළු මනින්ම පාලනය කරනු ලබනුයේ බුධ ග්‍රහයාය.
ජීවිතයට පැමිණෙන සියලු දුක් කම්කටොලුවලට විසඳුමක් ලෙස මෙහි සඳහන් ප්‍රබල වතාවත් ඉටු කර බුධ ග්‍රහයාට පින් දී බුධ ග්‍රහයා බලවත් කර ගන්න.
“ඕම් භූමි බුධාය නමඃ
ඕම් බ්‍රෘං බෲහ් සායි බුධාන නමඃ
බුදුන් වැඳීමෙන් අනතුරුව බුධ ග්‍රහයා වෙනුවෙන් මේ ස්තෝත්‍රය කෙටියෙන් මෙලෙස 21 වරක් කියා බුධ ග්‍රහයාටත්, විෂ්ණු දෙවිඳුටත්, ගණ දෙවිඳුටත් පින් දෙන්න.
මේ දෙවියන්ගෙන් ඔබට ප්‍රබල ආශීර්වාදයක් ලැබෙයි. ස්තෝත්‍රය කියන විට පුර පස දිනෙක ( විශේෂයෙන් කෙම්මුර දිනක් නම් හොඳයි) නිල් කටරොඬු, නිල් මානෙල්, අබතෙල් මිශ්‍ර කර එළඟිතෙල් බෝතල් 1/2 ක්, සුවඳ දුම්, හඳුන්කූරු සූදානම් කර ගන්න. මේ පූජාව පාන්දරක නම් කිරිපිඬුද උතුම් අෂ්ටඵල බෝධියට පූජා කළ හැක. පලතුරු වට්ටි 2 ක් ද අවශ්‍ය වේ.
උතුම් විෂ්ණු දෙවිඳු වැඩ සිටින මාතර දෙවිනුවර හෝ අලුත්ගම කන්දේ විහාරය යොදාගෙන උතුම් අෂ්ඨ ඵල බෝධියට පූජාව තබන්න.
සුවඳ දුම් අල්ලා, සුවඳ පැනින් නහවා අෂ්ට ඵල බෝධීන් වහන්සේ මත හිස තබා පිහිට ඉල්ලන්න. සියල්ල පූජා කරන්න ඉතා භක්තියෙන් වැඳ පුදා පිරිත් කරන්න. අනතුරුව එම භූමි තුළ ඇති විෂ්ණු දේව මන්දිරයටත්, ගණ දෙවි මැදුරටත් සුවඳ පලතුරු ඉතා භක්තියෙන් කැප කර පූජා කරන්න. පඬුරු දමා බාරහාර වන්න. නවග්‍රහයින්ට පින් දෙන්න. ඉහත ස්තෝත්‍රය කියා බුධ ග්‍රහයාට පින් දෙන්න. මෙය ඉතාම ප්‍රබල පූජාවකි. අෂ්ටඵල බෝධි වන්දනාව ද මහා බලගතු පූජාවකි.
බුධගේ මහ දශාව වසර 17 කි. ඔබත් බුධගේ මහ දශාවක් හෝ අන්තර් දශාවක් ගෙවනවා නම් බුධ ග්‍රහයාට පින් දී අදාළ ස්තෝත්‍රය කියන්න.
දිනපතා මේ වතාවත් ඉටු කරන්න. ලැබෙන ප්‍රතිඵලය ඉතා හාස්කම් සහිතයි. ජීවිත කාලයටමයි. නිෙවසේ ඊශාන දෙසින් කොහොඹ ගසක් සිටුවා ගස ස්පර්ශයෙන් බුධගේ අපල දුරුවේ. අධ්‍යාපනය එපා වී නිකරුණේ දවස් ගත කරන දරුවන් නිසි මඟට ගැනීමට මෙම වත් පිළිවෙත් ඉතා යෝග්‍යයි. ස්නායු රෝග මුළුමනින්ම සුව වීමට ද මේ පිළිවෙත් ඉවහල් වේ. බුධ ග්‍රහයා නීචවීම තුළින් වඩාත් අපල තත්ත්ව ඇත්නම් සිදම්බර යන්ත්‍රය, විෂ්ණු ආඝෝරය, විෂ්ණු නිල මණ්ඩලය යන යන්ත්‍රවලින් එකක් නියමාකාරයෙන් ජීවම් කර පලඳන්න.
ජ්‍යොතිෂ උපදෙස්වලට අනුව පච්ච යන මැණික් වර්ගයෙන් අභරණයක් පැලඳීමෙන් ද අපල දුරුවේ.