වැහි ලිහිණි කිරිල්ලට
(ග්‍රීක කිවිඳියක වන සැෆෝ (ක්‍රි.පූ.6) විසින්
රචිත ගීත කාව්‍යයක අනුවාදයකි)
රජ කුල දිනූ දියණිය
ගගන සරනා සොඳුරු ලිහිණිය
මා කවුළු දොර අසබඩ
ඔබ යන මොබ එන
සසල සේයාව නුඹ
දිමුත් හිරු කිරණෙහි ගැලි
මිහි කැඩපතෙහි පතිතය
මගේ හිසවට බමන සඳ
වීද කිසි අරමුණක් ඔබ මා කරා කැඳවූ
පිය සියයන් වියොව
සොල්මනක් සේ පසුපසිනවුත් කැඳව ආයෙද නුඹ මා කරා.
විදා පියපතර යුග
සරා පුල්වන් නුබ ගැබ
තුරු හිස් පියැසියෙහි බමා මිහිමතට ළං නොව
වන ගුල්මයක රුක් විටපයක නොම ලැග
අනවරත සැරියක නුඹ
මවු ඇකය සොයමින් දිවෙන දරු සෙයින් උමතු සැරියකි නොනිමි
අඩ බැල්මකින් ගනිමි
නුඹෙ සියල් රුව
හස්නක් ඇත් ද නුඹ සතු
සයිප්‍රස් දිවයිනෙන්
මා පෙම්වතාගෙන් ලැබූ…..
(පුරා කතා අනුව ළිහිණි කිරිල්ල
රජ පෙළපතකට අයත්ය)
අනුවාදය – අනුරුද්ධිකා කුලරත්න
සිංහල අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
සෝපාක හාමුදුරුවෝ
සුළු පියාගෙ දුක් ගැහැට ඉවසමින් දුක්විඳි සෝපාක
අවසන අමු සොහොනේ මළ මිනියක ගැට ගැසු සෝපාක
රැය නිදි වරමින් වැසි පිණි ලබමින් වැලපෙන සෝපාක
අලුයම බුදු හිමි ලොව බලනා විට නෙත දුටු සෝපාක
කුණු ගඳ ගහනා මළමිනියක් ගෙන ඇවිදින සෝපාක
බුදු හිමි ඉදිරියෙ දණින් වැටී දුක පැවසුවා සෝපාක
පෙරපින් මහිමෙන් ඒ මොහොතෙම මගඵල ලැබු සෝපාක
බුදු ගුණ අසමින් අවසන නිවනට වැඩියා සෝපාක
අයි. ඩී. නන්දාවතී
තිඹිරිගෙය මවකගේ මතකාවර්ජනය
තිඹිරිගෙය තුළ නුඹ සිටියේ අඩ නින්දේ
තුරුලු කරන් දූ පැටියා නුඹෙ තුරුලේ
ඔබ වාගේමයි නෙත්කලු දෑස් ඇගේ
මතක් වුණේ නුඹ ඉපදුණු දුරුතු දිනේ
සවස් යමේ නුඹ ඉපදුණු විට සුවසේ
කටගෑවේ රන්කිරි ඔය දෙතොල් පුතේ
බලන් ඉන්න ආසයි ඔය සිනහ මුවේ
උනයි කඳුළු සිහි වන විට ඒ දිනයේ
බහ තෝරනකන් නුඹ මගෙ පුංචි දුවේ
තිබුණේ නෑ ඉවසිල්ලක් මගේ හදේ
‘අම්මා’ නොවේ ඔබෙ මුවගෙන් තෙපලූයේ
‘අප්පපච්චී’ කී විට නෑ හිත නොහොද වුණේ
අද වාගේමයි එදිනත් මගේ දුවේ
දරු සුරතල් බලන්න අද ඉඳන් පුතේ
ඉන්නම් මා ඈ අසලින් ඔබට වගේ
අත්තම්මා වී සැමදා ඇගේ හදේ
සුසෑන් රණවක
192 මොරටුව – මහරගම..
192 මොරටුව මහරගම…
බසිමි නම අමතක ලී මෝලක් අසලින්
ශ්‍රී රම්‍ය හෝටලේ කෙළවරේ මේසයේ
පානුත්, පරිප්පුත් සුදු ලූනු ව්‍යාංජනයත්
බලා සිටියා මා එදා එනතුරු..
ඉනික්බිති ඇතුළු වෙමි
පී බී අල්විස් පෙරේරා නමට පිදු මාවතට..
පුංචි ගෙදර – සුදු පාට ගේට්ටුව උඩින් විමසමි ඒ සොඳුරු මුහුණ…
පසුකරමි අදත් දශක දෙකකට පසු
ඒ මාවතම….
මඟ ලකුණු කිසිවක් හෝ ඉතිරිවී නොමැත…
නුඹ විසූ නිවෙස මහ මැදුරකි අද හරි උස
එදෙස බැලූ සඳ,
ඇතුළතින් ගොරවයි විසල් බල්ලෙකු
නොපසන් බසින් මා හට …
ජගත් ප්‍රසන්න කුරුගම
කාලයත් දැන් ගෙවී ගොස්
මතකයේ නිම්නයෙන්
අදිමි අද පුතුගේ රුව
කාට හෝ හමුවුනොත්
ලැබුණු මේ කඩදාසි උඩ
පියුම් මහතෙක් නොමැති
තැපෑලක් මුද්‍රාවක් නැති
ලිපිනයක් නැති ලිපියක්
මගේ පුතු අතට යන්න
රත්නපාල ගමගේ
ස්විට්සර්ලන්තය
පිය විප්පයෝග
සැඳෑ ගොම්මන
එළැඹ ඇත
වැරැන්ඩා පුටුව මත
කිණිසි හී විදින
වැහි දවස්වල
කෙටෙන අකුණකට බිය ව
මා ගත වෙළුණු ඇය
දැන් මෙහි නැත
සාලයේ බිතුව මැද
මල් දමක් පැලඳ
ඊටත් වඩා ධවල පැහැයෙන
මා හා සිනාසෙන
ඇය දෙස
හැරි හැරී බලමි
වකුටු කය තුරුලු කරගෙන
මම මට ම
චන්ද්‍ර නිශ්ශංක හපුආරච්චි
වේවැල්වත්ත
හදේ හිමිකරුවා
විදුලියක් සේ හදේ ගැඹුරේ – නොනිමි දඟ කරනා
සොඳුර නුඹ හට පෙම් කරන්නෙමි – ඇටමිදුලු දක්වා
පේ වෙලා නුඹ නමින් ළඳුනේ – පපු කුහර පුරවා
හාදු තැළිපොට ගෙල පලන්දමි – ආත්මය පුදලා…
ගඟ දියත් එක් තැනෙක නැවතී – මහ සයුර සිඹලා
කඳු මුදුන්වල සිට ගලා වුව – නැවතුනෙමි පිරිලා
සසර හුරුවට සොයා ආවෙමි – නුඹ නමින් බැඳිලා
අයිති නැතිමුත් අත්සනට මම – හදේ හිමිකරුවා…
ආරාධනා අප්සාරි
මැයිමාර ප්‍රසංගය කියවා ඉක්බිති
මැයි මාර මල් රේණු සිප
හමා එන මෘදු සුවඳ
ගෙනදෙයි වේදනාවන්
නිමග්නව ඔබේ මතකයන්
අමතකය නුඹේ වතමල
ඔබේ දෙනුවන්
සිහිනයක දැවටී අවුත්
ඔහු දෙතොල මත
මුදාහළ හැඟුමන්
වැලි ඇතිරූ ශ්වේත මාවත දිගේ
තණ පතටත් නොරිද්දා
ඔබ පැමිණ හැරී බැලුවොත්
පේනවා ඇති තවමත්
මැයි මාර මල් පොකුරු
වෙනත් තැනක වෙනස් හැඩයකින්
බොඳ නොකර ඔබේ හැඟුමන්
ඒ තමයි ආදරය
කවදාවත්ම නොකියූ
මහ විසල් ආදරය!
රසික කොටුදුරගේ