Home » දූ දරුවෝ

දූ දරුවෝ

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

මගෙ පොඩි නාලා

දුඹුරු පාට තිත් තිත් තිත්
කළු පාටට ඉරි ඉරි ඉරි
සුර­තල් මගෙ පුංචි කිටී
මගෙ පොඩි නාලා..
කැර­පො­ත්තෙක් බලන්නේ නෑ
ලේනෙක් නම් ගසට නගී
මාළු කන්න හරි ආසයි
මගෙ පොඩි නාලා..
බ්ලැකී එක්ක හරි යාළුයි
මාත් එක්ක හරි සුර­තල්
අට්ටුට නම් අක්ක වගෙයි
මගෙ පොඩි නාලා…
ඤාව් ඤාව් කොයි වේලෙත්
පුරු පුරු පුරු ආද­රේට
අපේ ගෙදර සුර­තල් කිටි
මගෙ පොඩි නාලා…

අහල්‍යා වික්‍ර­ම­සිංහ
3 ශ්‍රේණිය,
කාන්තා විදු­හල,
කොළඹ 07.


මහ වැස්සක්

අහස කළු­වෙලා වැහි­ළි­හි­ණියෝ පියෑ­ඹුවා
ගෙර­වුම් හඬ අහස පුරා පැති­රිලා ගියා
පුංචි ළමයි බය වී ගෙද­රට දිව්වා
ඉක්ම­නින්ම මහ වැස්සක් පොළො­වට වැටුණා
සැඩ සුළ­ඟට ගස් ඇඹරී ඉදිරි වැටුණා
දුවලා ගිහින් අපි ඔක්කොම ඇඳට ගුළි­වුණා
ඩෝං පටෝං යන සද්දෙන් හෙණ හඩ නැඟුණා
ගෙඹි නයි­දෙලා වත්ත­පුරා බක බක ගෑවා

එච්. ඒ සේජිති සෙමින්ද්‍යා
3 ශ්‍රේණිය ‘සී‘
මාම්පේ කනිෂ්ඨ විද්‍යා­ලය,
පිළි­ය­න්දල.


මට අම­තක නොවන සිදු­වී­මක්

එදා බ්‍රහ­ස්ප­තින්දා දින­යකි. මා අලු­යම 3.00ට පමණ අවදි වී සූදා­නම් වූයේ අපගේ ඥාතීන් විසින් සංවි­ධා­න කරන වන්දනා ගමන යෑම­ටයි. නෑදෑ­යන් සියල්ල එක්තැ­න­කට වෙලා බලා සිටියේ බස් රථය පැමි­ණෙන තුරුය. බස් රථය පැමිණි පසු අපි සැවොම බස් රථය ගොඩ­වු­ණෙමු.

පැය 2කින් පමණ රියැ­දුරු මහතා බස් රථය දක්ෂිණ අධි­වේගී මාර්ග­යට දැමු­වේය. පැය 2ක පමණ ගමන් කාල­ය­කින් පසු සෙවණ නුග ගසක් යට බස් රථය නැවැ­ත්වූයේ උදේ ආහා­රය ගැනී­ම­ටයි. උදේ ආහා­රය ලබා­ගත් විග­සම අපි බස් රථ­යට ගොඩ වුණෙමු.

පැය හත­රක පමණ දිග ගමන් කාල­ය­කින් පසු දඹුලු විහා­ර­යට පිය නැඟු­වෙමු. දඹුලු විහා­රයේ විස්මිත නිර්මාණ දැක සිත් පහ­දා­ගත් අපගේ ඊළඟ අර­මුණ වූයේ සීගි­රිය හා අට­ම­ස්ථා­නය වෙත යෑම­ටයි. අපි සීගි­රි­යට ලඟා වුණෙමු. සීගිරි පර්ව­තය ඉතා ඉක්ම­නින් නැඟ කැට­පත් පවුර වැනි නිර්මාණ බලා සතුටු වූ අපි ඉන්පසු අනු­රා­ධ­පු­රය බලා පිටත් වුණෙමු.
ඉතා දිග ගමන් කාල­ය­කින් පසු අප අනු­රා­ධ­පු­ර­යට ලඟා වුණෙමු. සියලු බෞද්ධ ස්ථාන වැඳ පුදා­ගත් අතර අව­සා­නයේ ජය ශ්‍රී මහා බෝ සෙවණේ පැයක් පමණ ගත කළෙමු.

ඉන්පසු අපි නිවෙස් බලා පිට­ත්වී­මට බස් රථ­යට ගොඩ වුණෙමු. අත­ර­මඟ කඩ­ය­කින් කළු දොදොල් ද රැගෙන අලු­යම 3.00 පමණ වන විට නිවෙ­සට ළඟා වුණෙමු.

මෙතුක වන්දිල් 7 ශ්‍රේණිය,
‘ඒ’, විද්‍යා­ලෝක විද්‍යා­ලය, ගාල්ල.


මා දුටු පෙර­හැර

මා දුටු පෙර­හැරේ කස­ක­රුවෝ ”
පෙර­හැර එනවා” යැයි හැඟ­වූවෝ ය.
ගිනි බෝල­ක­රුවෝ
මුළු ගමම අලෝ­ක­මත් කළෝය.
නැට්ටුවෝ ලස්ස­නට
තාල කවි කිය­මින් නැටු­වෝය.
බෙර­ක­රුවෝ පෙර­හැරේ නිහ­ඬ­තා­වය බින්දෝය.
විචි­ත්‍ර­වත් ලෙස සැර­සුණු
හස්තියෝ බෙර හඬට පා තැබූහ.

ඒ. නෙතුමි දෙහන්සා 4 ශ්‍රේණිය,
අලු­ත්ගම ප්‍රාථ­මික විදු­හල, බණ්ඩා­ර­ගම.


මම මී මැස්සෙක්මි

මම සතුන් අතර ඉතා කුඩා
සතෙක් වෙමි.
දවස පුරා මල් අතර සැරිසරණ මම
මිල කළ නොහැකි පැණි නිප­ද­වමි.
කඩි­ස­රව වැඩ කර­මින්
මී වදය පුර­වන
මම කුඩා මී මැස්සෙක්මි.

ඩී. අනුජ හිරණ්‍ය
4 ශ්‍රේණිය ‘බී‘
මහා­චාර්ය සේනක බිබිලේ ආදර්ශ විද්‍යා­ලය,
බිබිල.


මගේ අම්මා

මගේ අම්මාගේ නම තරිදි උමන්ගා.
මගේ අම්මාගේ වයස අවු­රුදු තිස් හතයි.
අම්මා මට රස කෑම සාදා දෙනවා.
අම්මා මගේ පාසල් වැඩ කට­යුතුවලට නිත­රම උදවු වෙනවා.
අම්මා මට හැම­වි­ටම හොඳ නරක කියා දෙනවා.
මගේ අම්මාට මම ගොඩක් ආද­රෙයි

හෙසත් තෙද­ස්වින් වල්පිට
3 ශ්‍රේණිය ‘ඩී‘, අසෝක විද්‍යා­ලය,
කොළඹ 10.


ගොවියා

ගොවියා රටට ඉතාම වැද­ගත් කෙනෙකි.
ගොවියා අපට බත සප­යයි.
ගොවියා ඉතා මහන්සි වී වැඩ කරයි.
මඩ සෝදා ගත් කළ ගොවියා රජ­ක­මට ද සුදු­සුයි.

ගොවියා රැක ගැනීම අප හැමගේ යුතු­ක­මකි.

ලොහස් සෙනෝද්
2 ‘ඒ‘ ශ්‍රේණිය
ශාන්ත මරියා ජාතක පාසල,
වේය­න්ගොඩ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division