සමස්ත ලෝකයම ‘සාමයට’ අත දිගු කර සිටින නිමේෂයක සාමයේ පැතිකඩක් පිළිබඳ ඉතා සුභ ආරංචියක් රැගෙන ආ ඇය නීලා ඊබ්‍රහීම් නම් ඇෆ්ගන් ජාතික 17 හැවිරිදි දැරියක වූවාය. ඇය මෙසේ සුවිශේෂි වූයේ මන්දැයි ඔබට කුතුහලයක් මතු වනු ඇත. 2024 ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගයෙන්, ඉතාම අභිමානයෙන් පිදුම් ලැබු ඇය, ලෝක ළමා සාම ත්‍යාගයේ 20 වැනි සංවත්සරයට සමගාමීව ඇම්ස්ටඩෑම් හි De Nieuwe Kerk හි පැවති උත්කර්ෂවත් උත්සවයක දී නොබෙල් සාම ත්‍යාගලාභී යේමන් ජාතික Tawakkol Karman වෙතින් ඇය ස්වකීය සම්මානය ලාබගත් දසුන් ඉතා විචිත්‍රවත්ව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
2021 දි ඇෆ්සනිස්ථානය, තලේබාන් පාලනයට නතු වූ පසු කාන්තාවන් හා ගැහැනු ළමුන් අරඹයා පවතින මර්ධනය හා පීඩාව වාර්තා විය. නීලා ඊබ්‍රහීම් ද මේ වන විට කැනඩාවේ පදිංචි වී සිටින අතර ඇය ලෝකයේ කොයිතැනක සිටිය ද ඇයගේ හදවත නතර වී තිබුණේ ඇෆ්සනිස්ථානයේ කාන්තා අයිතීන්වලට ඉඩක් නොමැති ඒ සමස්ත ඇෆ්සන් කාන්තා හා ගැහැනු පරපුරේ අවිහිංසක වේදනාව තුළයි. ඇය ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය කරා මෙහෙය වූ මාවතේ දොරගුළු විවර වූයේ ඇය විසින් කාන්තාවන් ආන්තිකරණයට ලක්කිරීමට දැක්වූ විරෝධය ගීතයකට මුසු වී එය සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමත් සමඟය. ලොව වටා සිටින තරුණියන් ඇයට එකතු වූ අතර ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ මෙම ධෛර්යවන්ත හා උද්යෝගිමත් ගමන් මාර්ගය අවසානයේ දී ඇයව ජාත්‍යන්තර ත්‍යාගයක් වෙත ළංකරනු ලැබීය.
නීලා ඊබ්‍රහීම් ජාත්‍යන්තර සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මෙම උලෙළට ලෝකයේ නන්දෙසින් විශාල සම්භාවනීය පිරිසක් එක් වූ අතර, නෙදර්ලන්තයේ Laurentien කුමරිය, ළමා අයිතීන් පිළිබඳ එක්සත් රාජධානි කමිටු සභාපති ද සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මින් පෙර අවස්ථාවලදී මෙම ත්‍යාගයට හිමිකම් කියූ ත්‍යාගලාභීන් 16 දෙනෙකු ද මෙම උත්සවය වර්ණවත් කිරීමට පැමිණ සිටියහ. සිය විමුක්ති ගීතය ලොව පුරා පතළ වීමෙන් පසු ඇෆ්සන් දැරියන් වෙනුවෙන් ඇය ඩොලර් මිලියන 4ක් වටිනා අරමුදලක් ස්ථාපිත කර ඇත. ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය පෙර දී හිමිව තිබුයේ මලාලා යුසෆාරී, ග්‍රේටා තම්බර්ග් හා නොක්ෂි ජොන්සන්ටය. නීලා කුඩා දැරියක් වුවද ඇය අදහස් හා ධෛර්යවන්ත භාවය අතින් ඉතා පොහොසත්ය. ඇය ප්‍රකාශ කර ඇත්තේ, ලෝකයේ එක් කොටසක කාන්තා අයිතීන්වල යම් ආකාර පෙළීමක් සිදුවන අතර සමස්ත ලෝකයම ඒ තත්වය දුරැලීම වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බවයි.
ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය මුල්වරට පිරිනැමීම ඇරඹුයේ 2005 දී රෝමයේදීය. ඒ ළමා අයිතීන් පිළිබඳ පදනම විසින් ලෝක නොබෙල් සාම ත්‍යාග ලාභී සමුළුව අතරතුරදීය. එතැන් පටන් ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය ද වාර්ෂිකව ඉතා ගෞරවනීය ආකාරයෙන් පිරිනැමීම සිදුවේ. ලෝක න්‍යාය පත්‍රය තුළ ළමා අයිතීන්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීමක් ලෝක ළමා පරපුට, ළමා අයිතීන් වෙනුවෙන් ස්වකීය වටිනා අදහස් ගොනු කිරීමට හා පළ කිරීමට වටිනා අවස්ථාවක් ලැබෙන බව ත්‍යාග සංවිධානයේ පදනම හා අභිප්‍රාය වී තිබේ. නීලාගේ මෙම වටිනා සම්මානය ලෝකයේ සෙසු තරුණ පරපුරට ද නව ප්‍රේරණයක් හා උද්යෝගයක් ලබාදෙන බව මේ ඔස්සේ එළිදකින පණිවිඩයයි. රටවල් 47ක තරගකරුවන් 165ක් සමඟ තරග කළ නීලා ඊබ්‍රහීම් මෙම ජයග්‍රහණය ඇයට පමණක් හිමි දෙයක් නොව එය පීඩාවට පත් වූ සියලු දැරියන්ගේ ඓතිහාසික කුසලානයක් ලෙස දක්වා ඇත.
පී. ආර්. දුෂාන්ති සිල්වා