විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ශිරෝමි රමලා පෙරේරා විසින් රචිත ‘සියොළඟ දූලි ගාලා’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම දෙසැම්බර් 11 වැනිදා බදාදා සවස 2.00ට කොළඹ – 07 ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ළමා අපචාර සම්බන්ධයෙන් ලියැවුණු මෙම කාව්‍ය ග්රන්ථයට පෙරවදන සැපයූ ප්‍රවීණ ගේය පද රචක ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් විසින් කාව්‍ය ග්‍රන්ථය පිළිබඳ කරනු ලබන දේශනයෙන් අනතුරුව වෛද්‍ය චාරිකා ආරියසිංහ මාරසිංහ විසින් එදින ළමා අපචාර සම්බන්ධ මුඛ්‍ය දේශනය පවත්වනු ලබයි. උපදේශකයකු මෙන්ම ප්‍රවීණ රංගධරයකු වන වින්සන් ගුණරත්න උපදේශනය පිළිබඳ දේශනයක් පවත්වනු ලැබේ.
ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.පී. චිත්රසිරි, හිටපු අභියාචනා අධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, ප්‍රවීණ ලේඛක මෙන්ම විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි, ප්‍රවීණ ගේය පද රචක මහින්ද චන්ද්‍රෙස්කර, ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වෙති.