දිවයින පුවත්පතේ ජ්‍යෙෂ්ඨ අධිකරණ මාධ්‍යවේදී ඒ. ජේ.ඒ. අබේනායක විසින් රචිත “රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු” ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා කොළඹ කෙසෙල්වත්ත මිහිඳු මාවතේ ලිලියන් උත්සව ශාලාවේදී ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ සම්භාවනීය ආරාධනා අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. අබේනායක විසින් වසර 27 කට අධික කාලය තුළදී දිවයින පුවත්පතට ලියන ලද ප්‍රකට නඩු මෙන්ම මාධ්‍ය මඟින් අනාවරණය නොකළ එකී නඩු කටයුතුවලට අදාළ අප්‍රකට සිද්ධීන් ද පෙළගස්වා ඇති පිටු 552 කින් සමන්විත මේ කෘතිය ඔහුගේ පස්වන ග්‍රන්ථය වේ. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙරවදනක් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පසුවදනක් ලියා ඇති එම ග්‍රන්ථයට සුප්‍රකට නඩු හා නඩු තීන්දු 30ක් ඇතුළත් කොට ඇත.
“රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු” එළිදකී
1K