Home » රාජ්‍ය සාහිත්‍ය උත්සවය 27දා අරලියගහ මැඳුරේදී

රාජ්‍ය සාහිත්‍ය උත්සවය 27දා අරලියගහ මැඳුරේදී

by Mahesh Lakehouse
November 23, 2024 12:37 am 0 comment

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් මස 27 වැනිදා පස්වරු 2.00ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහිදී ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මහාචාර්ය ජිනදාස දනන්සූරිය (සිංහල අංශය), අන්නලක්ෂ්මී රාජදුරයි (දමිළ අංශය) සහ සම්මානිත මහාචාර්ය වෝල්ටර් පෙරේරා (ඉංග්‍රීසි අංශය) උපහාර පිදුම් ලබති. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මේ උලෙළ සම්භාවනීය අමුත්තන්, ලේඛක ලේඛිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව එක්ව මෙකී උලෙළ සංවිධානය කරනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division