Home » AIA ඉන්ෂුවරන්ස් වෙත Brand Leadership සම්මාන උලෙළේ දී හොඳම සන්නාමය

AIA ඉන්ෂුවරන්ස් වෙත Brand Leadership සම්මාන උලෙළේ දී හොඳම සන්නාමය

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම සන්නාමයක් බවට තහවුරු කරමින් 2024 Brand Leadership සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවේ හොඳම සන්නාමය ලෙස ඇගැයුමට ලක් විය. CMO Asia වෙතින් ප්‍රදානය කරන ලද මෙම ගෞරවනීය සම්මානය, AIA ඉන්ෂුවරන්ස්, නවෝත්පාදනය ඔස්සේ පාරිභෝගික සේවාව තුළින් අරමුණු මත පදනම් වූ සන්නාමයක් ගොඩනැඟීම සඳහා ඇති නොසැලෙන කැපවීමත් ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට උපකාර කිරීම සඳහා වන තිරසර ප්‍රතිඥාවත් අවධාරණය කරයි.

AIA ශ්‍රී ලංකා සමාගම, ජීවිත රක්ෂණ සැලසුම්, සෞඛ්‍ය ආවරණ සහ නව්‍ය ආයෝජන විසඳුම් සමඟින් සිය ව්‍යාපාර සිදු කිරීමේ ප්‍රවේශය සමස්තයක් ලෙස ඉහළ තලයක් කරා ගෙන යාමට නොකඩවා කටයුතු කරයි. AIA SaveSmart වැනි ඉතුරුම්, සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණ ප්‍රතිලාභ ලබාදෙන්නා වූ පරිපූර්ණ විසඳුම් සහිත නවෝත්පාදනයන් හඳුන්වා දෙමින්, AIA අඛණ්ඩව සිය පාරිභෝගිකයින්ගේ දිනෙන් දින අලුත් වෙමින් පවතින අවශ්‍යතා සඳහා අසමසම වූ රක්ෂණ සැලසුම් සපයා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division