AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය තුළ ප්‍රමුඛතම සන්නාමයක් බවට තහවුරු කරමින් 2024 Brand Leadership සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවේ හොඳම සන්නාමය ලෙස ඇගැයුමට ලක් විය. CMO Asia වෙතින් ප්රදානය කරන ලද මෙම ගෞරවනීය සම්මානය, AIA ඉන්ෂුවරන්ස්, නවෝත්පාදනය ඔස්සේ පාරිභෝගික සේවාව තුළින් අරමුණු මත පදනම් වූ සන්නාමයක් ගොඩනැඟීම සඳහා ඇති නොසැලෙන කැපවීමත් ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට උපකාර කිරීම සඳහා වන තිරසර ප්‍රතිඥාවත් අවධාරණය කරයි.
AIA ශ්‍රී ලංකා සමාගම, ජීවිත රක්ෂණ සැලසුම්, සෞඛ්‍ය ආවරණ සහ නව්‍ය ආයෝජන විසඳුම් සමඟින් සිය ව්‍යාපාර සිදු කිරීමේ ප්‍රවේශය සමස්තයක් ලෙස ඉහළ තලයක් කරා ගෙන යාමට නොකඩවා කටයුතු කරයි. AIA SaveSmart වැනි ඉතුරුම්, සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණ ප්රතිලාභ ලබාදෙන්නා වූ පරිපූර්ණ විසඳුම් සහිත නවෝත්පාදනයන් හඳුන්වා දෙමින්, AIA අඛණ්ඩව සිය පාරිභෝගිකයින්ගේ දිනෙන් දින අලුත් වෙමින් පවතින අවශ්‍යතා සඳහා අසමසම වූ රක්ෂණ සැලසුම් සපයා ඇත.