Home » පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර අර්චුනා රාමනාදන්ට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර අර්චුනා රාමනාදන්ට වරෙන්තු

by yasara
November 26, 2024 3:01 pm 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය.

මන්ත්‍රීවරයා විසින් 2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට ලක් කර එහි ගමන් ගත් පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරු අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

මීට පෙර නඩු දිනයේ ද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණ ද එම වරෙන්තුව ක්‍රියාත්මක වීමක් සිදුව ඇත්තේ නැහැ.

අගතියට පාර්ශවය වෙනුවෙන් නීතීඥ අසංක මෙන්ඩිස්, නීතීඥ ෂෙහාන් රාජපක්ෂ සහ විනුර ජිනදාස යන නීතීඥවරුන් පෙනී සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division