SWIC Digital Gateway AG, අනුක්‍රමික ව්‍යවසායකයකු වන Stefan Bucher විසින් ආරම්භ කරන ලද Swiss blockchain පදනම් කරගත් නවතම මූල්‍ය යෙදුම වන Tukki ශ්‍රී ලංකාව තුළ එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි. SWIC Digital හි පළමු B2C නිෂ්පාදනය වන Tukki, නැඟී එන වෙළෙඳපොළ ආශ්‍රිත ආයෝජකයින් වෙත දිගු කාලීන ආයෝජන හා ඉතුරුම් අවස්ථා ලබා දීම අරමුණු කරමින් නිර්මාණය කර ඇති පරිශීලක හිතකාමී ජංගම යෙදුමක් ලෙස හඳුන්වා දිය හැකි ය.
සාම්ප්‍රදායික සහ ඩිජිටල් මූල්‍ය සේවා සහ බැංකු හා වෘත්තීය ආයෝජන අවස්ථා සඳහා සීමිත ප්‍රවේශයක් සහිත බිලියනයකට අධික ආයෝජකයින්ට මෙම නව ජංගම යෙදුම හරහා ආයෝජන අවස්ථා හිමි කර දීම අරමුණයි.