මන්දපෝෂණයට එරෙහිව සටන් කිරීමට Nutrition Sri Lanka වැඩසටහන පසුගියදා ආරම්භ කෙරිණි. ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහ ගැබිනි කාන්තාවන්ට පෝෂ්‍යදායි සහල් පරිභෝජනය තුළින් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දීම මෙමඟින් අපේක්ෂා කරයි.
මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ අක්ෂත සන්නාමය මඟින් වන අතර, එය පෝෂ්‍යදායි සහල් කාර්යක්ෂමව සහ ලාභදායී ලෙස නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය ප්‍රගුණ කළ, ශ්‍රී ලංකාවේ පළමු සන්නාමය වේ. විටමින් A, විටමින් B, යකඩ සහ සින්ක් වැනි අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක සහිත සහල් වැනි ආහාර මෙමඟින් ශක්තිමත් කිරීම මගින් ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන්ට එරෙහිව සටන් කිරීමට හැකි බව විද්‍යානුකූලවම සනාථ කළ හැකි අතර අර්ථිකමය වශයෙන්ද ලාභදායී වේ.
Nutrition Sri Lanka වැඩසටහන අක්ෂත නිෂ්පාදන ආයතනය වන Grains ‘n’ Green (Pvt) Ltd කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් පෙරේරාගේ සංකල්පයකි. PATH හි තාක්ෂණික සහාය ඇතිව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.කේ.ඩී.එස්. රණවීරගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් නිස්සාරණ තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ පෝෂ්‍යදායී සහල් පිළිබඳ අත්හදා බැලීම 2024 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදි. ලයන්ස් ඉන්ටර්නැෂනල් හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතාද වැඩසටහනේ කොටස්කරුවකු විය.
ඡායාරූපය – මාලන් කරුණාරත්න