AIA ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර, ආර්ථික අර්බුදය අතරතුර ඇයගේ විශිෂ්ට ව්යාපාරික නායකත්වය වෙනුවෙන් ජිනීවා සංගමය පිරිනමන Women in Insurance -2024 සම්මානය ජයග්රහණය කළාය. ස්ත්රී පුරුෂ සමානාත්මතාව මෙන්ම විවිධත්වය අගය කරමින් සියලු දෙනා ඇතුළත් කර ගැනීම සහ තිරසරභාවය යන කරුණු පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කරන මුණවීර මහත්මිය 2022 වසරේ සිට මේ දක්වා AIA හි කාන්තා ශ්රම බළකාය 41% සිට 48% දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇත. ලද සම්මානය පිළිබඳ අදහස් දක්වමින් ඇය කියා සිටියේ, “මෙම ගෞරවාන්විත සම්මානය පිරිනැමීම වෙනුවෙන් ජිනීවා සංගමයට මගේ කෘතඥතාව පළ කරනවා. මෙම සම්මානය දිනා ගැනීම පිළිබඳ මට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම, එමඟින් පිළිබිඹු වන්නේ නායකත්වයේ සිටින කාන්තාවන් ගේ ශක්තිය සහ රක්ෂණ ක්ෂේත්රය වෙත බලපෑම් කළ හැකි අයුරින් අප ගෙන එන වෙනසයි…”
Women in Insurance සම්මානය AIA ශ්රී ලංකා CEO චතුරි මුණවීරට
400
previous post